Chapter 11 🐯💕

803 153 15
                                    

නෙතූ අදත් පුස්තකාලෙ උඩම රාක්කෙකින් පොතක් ගන්න ට්‍රයි එක..කෙල්ල රාක්කෙ කොනකුත් අල්ලගෙන දත කාගෙන..

" හ්හ්.. "

කෙල්ලගෙ හුස්මත් නැවතිල ඇස් පිය උනේ කෙල්ලගෙ ඔලුවට කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබුනු පොත් කන්ද නිසා..ඒත් කෙල්ල ඇස් තදේට පියන් උන්නත් කිසි දෙයක් උනේ නෑ..පොත් සද්දෙන් වැටෙන හඩ ඇහුනත් කෙල්ලට චුට්ටක්වත් රිදුනෙ නෑ..

නෙතූ හිමීට ඇස් ඇරියම දැක්කෙ ඇස් රතුකරන් ඉන්න ටේහ්‍යුන්ව..

" තමුසෙ මොනා කරනවා කියල ද ආහ්..හිතන් ඉන්නෙ..දොඩන් ගෙඩි දෙකක් තරන් උස නෑ..මෙතන ඉන්න එකෙක්ට කතාකරන්න බෑද..?? පණ්ඩිතකමනෙ ඉතින්..

දැන් මොකද කරන්නෙ මේ පොත් ටික ඔලුවටම වැටුනනන් ආහ්..කියනවා ඉතින් ..තව අගලක් විතර කොට වෙන්න තිබ්බා මන් නොහිටියානන්.. "

ටේහ්‍යුන් හුස්මට බැනගෙන ගියේ කෙල්ලගෙ කම්මුල් ලැජ්ජාවටම රතු වෙද්දී..පුස්තකාලෙ ඉන්න ඔක්කොම ඉතින් මැජික් එකක් පෙන්නනවා වගේ කටවල් ඇරන් බලාගෙන..ටේහ්‍යුන් ඉතින් තරහින් පුපුර පුපුර කෑගහනවා

" තොපි මොකද ඒපාර..වැඩක් බලාගන්නවා යකෝ..අනුන්ගෙ ලබ්බවල් හොයන්නෙ නැතුව "

ටේහ්‍යුන් ඒපාර මහ සද්දෙන් කෑගහද්දි ඉන්න ඔක්කොම දුවල ගියේ පුස්තකාලෙවත් ඉන්නෙ නැතුව..නෙතු උගුර පෑදුවෙ ටේහ්‍යුන්ගෙ ගිනිගන්න ඇස් කෙල්ලගෙ මූනෙන් අහක් වෙන්නෙම නැති නිසා

" මි..මියන්හේ..මන්

" රෙද්ද තමා..තමුසෙ ආයෙ පණ්ඩිත වැඩක් එහෙම කරනවකො..මන් බලාගන්නන් එතකොට "

ටේහ්‍යුන් කෙල්ල හොයපු පොත කෙල්ලගෙ අතේ තියල ගියේ කොන්ඩෙත් අවුස්සගන්න ගමන් කෙල්ලට පේන්න තරහින් උනත්..කොල්ල හරි ලස්සනට හිනා උනේ නෙතූ එක්ක ඉන්න හම්බුනු පුංචි අවස්ථාව නිසා..ඒත් ටේහ්‍යුන්නන් නෙතූට බැන්නෙ ඇත්තටම..කොල්ලට හරි තරහයි නෙතූගෙ පණ්ඩිත වැඩනිසා

" මහ නපුරෙක් "

කෙල්ල පිබ පිබ මිමිනුවත් ටේහ්‍යුන්ට ඒක ඇහෙන්න තරම් සද්දෙන් කිය උනා..කොල්ලගෙ පපුවේ සද්දෙ මහ සද්දෙන් ගැහෙද්දි ටේහ්‍යුන්ගෙ කකුල් ඉබේම නැවතුනා..ටේහ්‍යුන් ආයෙමත් සුපුරුදු නපුරු මූන මවාගෙන නෙතූ ලගට ගියේ කොල්ලගෙ හිතේ දෝරෙ ගලන සතුට හිරකරගෙන ..

<< මගෙ නපුරා💕>>k.thWhere stories live. Discover now