~ =... කැටපෝලය.. = ~
කදුරු කරුවකි මා... කිණිස්සකින් ඔප දැමුණු....
එදා අනුර්ධ අසපුවේ...
වර්ෂාවේ තෙමෙමින් මා ඔබ දමමින්...
කෙනෙක් මිමිණුවා මට කතාවක්....දිගු නයන , රත් දොතොල් ළග....
ඔහුගෙ දෑස් මදකට ගිමන් හැරි මුත් ......
ඔබේ රත් පැහැ රෞද්‍ර දෑසයි ....
වෙහෙස නිවන පැන් පොද ඔහුට තාමත්...
රැලි නැගුන නලල් තලය , රේඛීය දෙතොල් දෙස....
බලා ඔහු සැනසේවි...
ඔහුට නොදැනීම සෑමදාමත්......කොපුල් ඔස්සේ ගලන ...
අකීකරු කදුළු බිදු
ඔබේ දෑගිලිවල ගැටී..
වියැකී යනතුරුත්..
ලොවම ගිනි තබා විත් ,
නුඹ ලග දැවෙටමින්..
එකී ගිනිවලට වැඩි සුවපහසු උණුසුමක් ...
ඔහු සොයාවි පුරුදු විලසින්....ඔබ විශ්වාස කරන වග ...
මුලින් නොපිළිගත් මුත් ,
නුඹ වෙනුවෙන්ම ඔට්ටු ඇල්ලුවා ...
අසිපත , තමාට ද වඩා විශ්වාස වූ..
එයම ප්‍රමාණවත් නොවේද නුඹට පැවසීමට..
ඔහුටද රහසින් ඔහුගේ හදවත නුඹටයි යනවග.....ඔහු මා ඔබ අතට විසිකළ කල විටදී......
කෝපයෙන් නුඹ පයින් ගැසුවේ ...
ඔහුගේම සිතිවිලිවලටයි........
රිදුම් දුන්නා වේදනාවෙන්......
මා නොවේ.... ඔහුගේ සිතයි.......
ඔබේ දෑස්වල වර්ණවත් සිතුවම පෙනුන ද,
අරමුණත් , බැදීමත් අතර ....
අසරණයි ඔහු තවමත්..ඔහුගේ සිතිවිලි අරන් සැමදාම මා නුඹ ළග ඉන්නම්...
සදා ඔබ ළග තබාගැනීමට... ඔහුට සැමදා වුවමනා මුත්...
තමාගෙම මුත් හැගීම් රවටන අඥානයෙකි ඔහු තවමත්...මීට , ඔබ ළග දැවෙටෙමින් නිදිමරන ....
කැටපෝලය..
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..