කියුපිඩ් - Cupid
කෙටිකතාවජීවිතයේ අහම්බෙන් හම්බෙන ආදරයක් කියන්නෙ මහමෙරක් තරම් දෙයක්. ආදරය කියන්න අපිට නැතිවම බැරි අපි ඇබ්බැහි වෙන පිස්සුවක්. හැබැයි ආදරයම තමයි කවදාහරි අපිව දුකට පත් කරන්නෙත්. නිමක් නැතිව කැරකෙන මේ ලෝකයේ ආදරයටත් කිසිම නතරවීමක් නැහැ. අපි ආදරය කොහෙන් නැවැත්තුවත් පස්සෙන් එන නූලක් වගේ ආදරයත් අපේ පස්සෙන්ම එනවා. ආදරය මහා වදයක් වෙලාවකට. හැම දේම පැත්තකට දාලා තනියම ඉන්න හිතෙන වාර අනන්ත උනත් ආදරය ඒ මැද්දට එන්නෙ නිහඩ පුරුදුකාරයෙක් විදිහට. අන්න ඒ නිහඩ පුරුදුකාරයා මගේ ජීවිතයට මටත් හොරා ආවේ මන් නොහිතපු වෙලාවක.නොහිතපු විදිහකට නොහිතපු කාලයක.එක අතකින් කාලය කියන්නෙ හරි ලස්සන දෙයක්. හැබැයි කාලය කියන්නෙ මායාවක්. ඒත් මැජිකාරයෙක් ගෙ මායාවක් නම් නෙමෙයි. කොහොමවුනත් අපිටත් හොරා වේගයෙන් ගෙවිලා යන කාලය අල්ලගෙන හිර කරගෙන ඉන්න තිබ්බා නම් අපි ආස කරන අවස්ථා හැමදාටම අපේම කරගන්න තිබ්බා. එ විදිහට සොදුරු මතක ගුලි කරන් හැමදාම හිනා වෙලා ඉන්න තිබ්බා නම් කියලා මට හිතෙන වාර අනන්තයි. හැබැයි ඒකත් මම මගේ හිත රවට්ට ගන්න එකම එක විදිහක් විතරයි. ඇත්තටම කාලයට පුලුවන් නම් නවතින්න මේ ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙන්නත් තිබ්බා. ඒත් කව්රුහරි මගෙන් අහාවී
" ඇයි කාලය නවත්වගන්නෙ? කාලය ආපස්සට හරවන්න තිබ්බා නම් කොච්චරක් හොදයි ද?"
හැබැයි දැනට අවුරුදු විස්සක් ජීවත් වුන මගේ ජීවිතයේ කාලය ආපස්සට හරවගන්න පුලුවන් උනා නම් කියලා මට හිතුනේ එකම එක පාරක්
විතරයි .වේගයෙන් ගලාගෙන යන කැරකෙන මේ ලෝකයේ බලාපොරොත්තු කියන්නෙ අපි හැමෝටම තියෙන එකම එක අභිප්රායක් .යන්නන් වාලේ ඒ මේ අත ගහගෙන යන හිත එක් තැනකට අරන් බලාපොරොත්තු මල් ඵල ගන්වන්න මම ආවා කොලොම්පුරේ සරසවියකට .නා නා ප්රකාර උසට උසෙ හැදුන බිල්ඩින් වලින් වට වෙච්ච කොලොම්පුරේ අහසේ ලස්සන බලන්න හවස් වෙනකන් ඉන්නම ඕනි. මගේ හිත වගේම ඒ මේ අත දුවන කාක්කො , වවුල්ලු දුසිම් ගණන් නිසා කොලොම්පුරේ අහස හවසට කාර්යබහුලයි . ඊට පරාද නොවෙන්නද කොහෙදෝ ඇවිස්සුනු කූඹි රැලක් වගේ ඒ මේ අත යන නානප්රකාර මිනිස්සුන්ගෙන් මුලු කොලොම්පුරයම වැහිලා ගිහිල්ලා. කාලයටත් හොරා මටත් හොරාම මන් දැන් මේ ජීවිතයට හැඩ ගැහිලා .මීට අවුරුදු දෙකකට කලින් නුවර නිලමේ කෙනෙක් වෙච්ච මමත් දැන් කොළඹ කාක්කෙක් වෙලා මටත් නොදැනීම.
BINABASA MO ANG
කියුපිඩ් - Cupid
Short Storyමේක නිකන් ඉන්න ගමන් මගේ ඔලුවට ආපු කතාවක්.ඇත්තම කිව්වොත් කෙටි කතාවක්.ඉතින් ලොකුවට හැදින්වීම් එහෙම නැහැ.කැමති අය කියවලා බලන්න #ලෙමන්