Yoongi : නෑ නෑ නෑ... දැන් එක පාරක් කිව්වම තේරුම් ගන්නව.. තමුසෙට තව දුරටත් මම ආදරේ නෑ.. යනවා යන්න ආපු අතක් බලාගෙන මට මගේ පාඩුවෙ ඉන්න දීල...
Hoseok : මොකක්ද යුන්ගි කියන්නෙ.. මෙච්චර කාලයක් මන් එක්ක හිටිය ඔයාමද මට මෙහෙම කතා කරන්නේ ආආආ...
Yoongi : ඔව් ඔව් තමුසෙ එක්ක හිටිය යුන්ගි ම තමයි කියන්නෙ.. මගේ ඇස් ඉස්සරහට එන්නෙ නැතුව පලයන් hoseok..
Hoseok : හහ්හ්.. මින් යුන්ගි.. තමුසෙ.. දැනගන්නව තමුසෙ නිකන්ම නිකන් බොරුකාරයෙක් විතරයි.. මගේ ජීවිතේ අපායක් කරන්න ආපු පව්කාරය.. කොන්ද පණ නැති.. ආශ්.. මම කියන්න ඕන නෑ.. කොහොමත් තමුසෙගෙ කතාව විතරයි.. ආයේ... ආයේ මේ ඇස් ඉස්සරහට මමවත් මගේ හුළඟක්වත් එන්නෙ නෑ දැනගන්නව.. I hate you MIN YOONGI..!!
Yoongi : ඔව් වෛර කරපන් මට.. උඹ හරි.. මම කොන්ද පණ නැති එකෙක් තමයි.. එහෙම එකෙක් එක්ක තව මොනා කරන්නද බලන් ඉන්නෙ..
* S L A P *
Hoseok : පව්කාරය...
හවස් යාමයේ මලානික එළියක් පතුරන පහන් කණුවක් යට පාළු වීථියේ ආදරවන්තයන් දෙන්නෙක් බහින් බස් වෙමින් හිටියා.. ඔවුන් නමින් Min Yoongi හා jung Hoseok වුණා...
විශ්වවිද්‍යලයේ අවසන් වසරේ බොහොම ප්‍රසිද්ධ දෙදෙනෙක් වුණු ඔවුන් මේ කාල පරාසය තුළ බොහෝ බහින් බස් විම් ඇති කර ගත්තා වගේම බොහෝ හිත් රිදවීම් වලටත් ලක් වුණා..
Jung Hoseok කියන්නෙ හොඳට මිල මුදල් තිබුණු පවුලක දෙවැනි දරුවා.. යහමින් සැප පහසුකම් තිබුණ නිසා බොහොම බොළඳ හිතක් වගේම ළාමක හදවතක් ඔහුට හිමි වෙලා තිබුණා..
නමුත්....,
Min Yoongi කියන්නෙ බොහෝ අගහිඟකම් මැදින් ඉගෙනගෙන තැනකට එන්න උත්සාහ කරන තරුණයෙක් වුණා.. ලෙඩ මවට සාත්තු සප්පායම් කරන්නත් පියාගේ රැකියාවෙන් ලැබෙන සුළු මුදලට තමන්ගෙන් උදවුවක් වෙන්න හවස් වරුව විවිධ සුළු රැකියා කරන්නත් yoongi ට සිදුවුණා..
විශ්වවිද්‍යලයේ බොහොම විනෝදකාමී චරිතයක් වුණු yoongi තුන් වසරක් තමන්ගේ ඒකපාර්ශ්වික ප්‍රේමය හංගන්න උත්සාහ කරත් වාර්ෂික නර්තන උත්සවය දවසේ නොසිතූ විරූ අයුරින් හමු වුණු තමන්ගේ ඒකපාර්ශ්වික ආදරයේ හාදුව නිසා ආදරය කියන මාතෘකාවට පලමු පියවර තැබුවා.. එතැන් පටන් අවසන් වසර වෙනකම් ඔවුන් බොහෝ ආදරයෙන් බැදුණු බව හිත මිතුරන් හොඳින්ම දැනගෙන හිටියා..
YOU ARE READING
EMPTY EYES | COMPLETED
FanfictionLET'S STOP HERE... DON'T LOVE ME... I HATE YOU... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ Start : 31-08-2021 Finish : 31-08-2021 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ + SOPE + oneshot Cherry_minshi_