Hoseok ගෙන් ලැබුණු කනේ පහරට වඩා කඳුළු නොහැලෙන ඇස් වලින් එල්ල වුණු හිස් බැල්ම එක්ක හදවතේ නැගුණු වේදනාව yoongi ව අඩපණ කරන්න සමත් වුණා..
අදින් අවසන් වුණු තමන්ගේ ආදර කතාවට හොඳ අවසානයක් දෙන්න බැරිවුණ බව yoongi ගෙ මුළු හිතම දවා අවුලන හැගීමක ගිල්වා තැබුවා...
තමන්ගෙ මුවින් පිට වුණු වචන වලට වඩා හදවතේ විලාපය කාට හෝ ඇසුනා නම් ඒ තමන්ම පමනක් වුණු නිසා වේදනාව පිට කරගන්න yoongi මහා පාළු වීථි දෝංකාර දෙන තරමට කෑ ගහලා කිව්වා,උගුර ලේ රස ස්පර්ශ වෙනකම් කෑ ගහලා කිව්වා..
තමන් තවමත් Hoseok ට ආදරේ කරන බවත් ..
හැම දේකටම සමාව දෙන ලෙසත් ..නමුත් තමන්ගේ හඬ දෝංකාරය නිසා තමන්ටම කන ගැටෙද්දී Yoongi ට තේරුම් ගන්න පුළුවන් වුණේ
තමන්ට තමන් පමනක් සිටින බව..
සාමාන්‍ය අය දුක පිට කරගන්න soju හොයාගෙන බාර් ගානේ රස්තියාදු වුණත් Yoongi ට වුවමනා වුණේ බීමත්කම විසදුමක් විඳියට පාවිච්චි නොකර සැබැ ලෝකයට, සැබෑ වේදනාවට මුහුන දෙන්න..
මොකද ජීවිතේ කියන්නෙ චිත්‍රපටයක් නොවුණු නිසා..
Yoongi පාන්දර වෙනකම් හන් ගඟට දාපු පාලමේ වැට උඩට වෙලා සන්සුන් වෙලා තමන් ගැන හිතන්න ගත්තා..
Yoongi කලබල කරත් සන්සුන් වෙන්න තිරණය කරේ එකින් එක වේදනාව මුසු වුණු හැගිම් තමන් මතකයන් එක්ක රිද්දන හැටි රිසි සේ බලන් ඉන්න..
ඒ වගේම ඒ මතක yoongi ව රිද්දන්න සමත් වුණා..
Yoongi ගෙ ඇතුලාන්තය yoongi ට ම හිනා වුණා..
උඹ මහා මෝඩයෙක්..
තමන් තමන් ගැනම විනිශ්චය කරා...
YOU ARE READING
EMPTY EYES | COMPLETED
FanfictionLET'S STOP HERE... DON'T LOVE ME... I HATE YOU... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ Start : 31-08-2021 Finish : 31-08-2021 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ + SOPE + oneshot Cherry_minshi_