Yoongi දුර්වලයෙක් නොවුණත් ඔහු යථාර්තය තේරුම් ගන්න උත්සාහ කර නිසා විය යුතුව තිබුණු දාහක් ප්‍රශ්න විසදුනා..
ඔවුන් ඔවුන්ගේ ආදරය අනෙක් අයගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරා..
සති කිහිපයකට කලින් Hoseok සමඟ තමන්ගේ තිබුණු සියලු මතක තමන්ගෙ අහිමි ප්‍රේමයේ කුටියට කොටු වුණා.. සැබැවින්ම ඒ කුටිය බොහෝ අදුරු වුණා.. නමුත් මිහිරියාවක් නැතුවාම නොවේ..
තනියෙන් හිටින වෙලාවක ඒ කුටිය Yoongi ගෙ හදවත තුවාල කරන්නත් සනීප කරන්නත් සමත් වුණා..
ආදරය සැබැවින්ම පුදුමාකාර නිමැවුමක් වුණා ඔවුන්ගේ දෛවයන් තුළදී..
Yoongi තවදුරටත් දුක් නොවෙන්න හේතු වුණු කාරණය වුණේ Hoseok මුණගැහිලා තමන්ගෙ තිරණ පැහැදිලි කරන්න පුළුවන් වුණු එක ගැන..
එදා ගුවන්තොටුපළ තුළ ඇති වූ කතා බහ තුළදී Hoseok නැවත හැරෙන්නට අසමත් ගමනකට පය තබන්න සුදානමින් හිටියා..
Yoongi බොහොම ආදරෙන් ඒ ඇස් අවසාන වතාවට ආදරෙන් බලන් හැම දෙයක්ම පැහැදිලි කරා..
Hoseok වේදනාව නිසාම යම් තාක් දුරකට බොළඳ අදහස් වලින් මිදිලා හිටිය නිසා yoongi කියු දේවල් හොඳින් තේරුම් ගත්තා.. Hoseok ට නැවත දෙමව්පිය සෙනෙහස ලැබෙන්න පටන් ගත්ත නිසා වේදනාව ආයාසයෙන් මැඩගෙන ඔහු හිනා වුණා.. කවදාවත් ආයේ අඬන්නේ නැති තරමින් ඔහු සිනාවෙන්න ඉගෙන ගත්තා..
ඔහු තමන්ගේ ප්‍රථම ප්‍රේමය ගැන බෙහෙවින් ආඩම්බර වුණා..
මොකද විර ජවනිකා ප්‍රදර්ශනය කරන අසාර්ථක ප්‍රේම කතා අතරේ ඔහුගෙ Yoongi යථාර්ථවාදී වුණු නිසා..
YOU ARE READING
EMPTY EYES | COMPLETED
FanfictionLET'S STOP HERE... DON'T LOVE ME... I HATE YOU... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ Start : 31-08-2021 Finish : 31-08-2021 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ + SOPE + oneshot Cherry_minshi_