" ඔයාලට ඉන්න බැයිද හරියට මේකෙ ආ... මන් කියන්න ඕන නෑ නේද idol එකකට තියන rules මොනාද කියල? ඇයි ඔය විදියට කරන්නෙ? මොන ලැජ්ජාවක්ද මේක groups දෙකම දැන් සව්ත්තු උනානෙ.දැන් අපේ අනිත් group වලටත් මේක බලපායි.ඒ වගේම අපේ entertainment එකටත් මේක කොච්චර බලපානවද? මම දන්නෑ මොනා කරන්නද කියල.හෙට meeting එකෙන් පස්සෙ ඔයාල ගැන තීරණයක් ගන්නව.සමහර විට ඔයාලට අයින් වෙලා යන්නත් වෙයි.මට කරන්න දෙයක් නෑ ඒකට. ඔයාල දැන ගන්න ඕන හරියට ඉන්න.මම හොද වැඩි නිසානෙ මේ ඔක්කොම"
කාර්යාලය දෙසින් මේ ඇසෙන්නේ Bang P.D. මහතාගේ කට හඩයි. ඔහු බෙහෙවින් කෝපයට පත් වී ඇති බව පෙනේ.ඒ සමගම මිහිරි වූත්,ශෝකාකූල වූත් පිරිමි කටහඩක් ඇසෙන්නට පටන් ගනී." අනේ අපිට සමාවෙන්න නිම්,අපි දන්නව idol වෙච්ච අපිට disband වෙනකන් ආදරය කියන්නෙ සිහිනයක් විතරයි කියල.ඒත් මොනා කරන්නද නිම්, අපිට මේක හිතේ හිර කරගෙන ඉන්න බැරි වුනා.ඇත්තටම අපි කලේ ලොකු වැරැද්දක් මට ඒකෙ බරපතලකම තේරෙන්නෙ දැනුයි.අනේ please අපිට සමාවෙන්න නිම්"
මෙලෙස ඔහු ඉතාම බැගෑපත් ලෙස සමාව ඉල්ලන්නෙ Bang P.D.මහතාගෙනි.ඔහු නමින් Jeon Jungkook නැතිනම් JK විය.(සමාව ඉල්ලන්නා)"Jisoo මොනාද කටවහන් ඉන්නෙ, කියන්න දේවල් නැද්ද කරපු වැරදි වලට?"
නැවතත් P.D. මහාතා කාටදෝ තදින්ම බනිනු ඇසෙයි."අනේ නිම් මං මොනව කියන්නද? ලොකු වැරැද්දක් කරල තියෙද්දි මම මොනාකරන්නද?, මොනා කියන්නද?"
ඇය නමින් Kim Jisoo නැතිනම් Jisoo විය.ඇය එසේ කීවේ ඉකි ගසා හඩමිනි."හරි දැන් ඔයාල මෙතනින් යන්න තවත් ඔය දෙන්න එකට ඉන්න එපා.දැන්වත් මන් කියන විදියට වැඩ කරන්න.හිතුවක්කාර දේවල් කරල වෙලා තියන දේ ඇති නේද?"
"හොදයි නිම්, අපි යන්නම්.අපි යන්නම්"
JK සහ Jisoo මෙලෙස දරාගත් නොහැකි වේදනාවෙන් කාර්‍යාලයෙන් පිටව යයි. ඒ අතර ඔවුන්ගේ අනෙකුත් කන්ඩායම් සාමාජිකයින් කාර්‍යාලයේ දොරට මදක් ඈතින් සැගව සිට මොවුන් දෙදෙනා පිටතට එන බව දුටු පසු මොවුන් වෙත කෙමෙන් පැමිනෙයි."JK මොකද උනේ?, නිම් මොනවද කිව්වෙ"
මෙලෙස Jimin JKගෙන් ප්‍රශ්න කෝටියක් අසයි.ඒ අතර RM Jimin දෙස රවා බලන්නෙ එය නවත්තන ලෙසට කටින් කියාගතනොහැකි නිසාවෙනි.මන්දයත් එතන Jisoo සහ Blackpink සාමාජිකාවන සිටින නිසා විය හැකි.ඒ සමගම Jimin කට වසා ගනිමින් පසෙකට වෙයි.ඒ සමගම Rm,"අපිට හිතාගත්තැහැකි මොකද උනේ කියල,අනික අපි අහගෙනත් නෙ හිටියෙ. ඒ නිසා ටිකක් ඇහුනා.අපේ නිම් ගොඩක් හොදයි.ඒ නිසා තමයි එයා මේ විදියට හරි ඉවසන්නෙ.වෙන කෙනෙක් නම් මෙලහකටත් ඔය දෙන්න ගිහින්.අපිත් මේකට වගකියන්න ඕන 100%ක්. මොකද අපිට තිබ්බ ලොකු අය විදියට ඔය දෙන්න මේක පටන් ගන්න කලින් මේකෙ බරබතලකම තේරුම් කරල මේක නොවෙන්න ඉඩ හරින්න. ඒම උනානම් අද මේ ප්‍රශ්න මොකුත් නෑ.JK,Jisoo ඇත්තටම අපිට සමාවෙන්න. මම හිතනව මම කියන කතාවට ඔයාලත් එකග ඇති කියල"
මෙලෙස RM තම කන්ඩායම් සාමාජිකයෙකුට නොව තම සහෝදරයාට හා සහෝදරියට පවසන පරිද්දෙන් මෙය පැවසීය.ඒ සමගම Jennieද"ඔව් Rm ඔප්ප, ඔයා හරි අපි ලොකුම ලොකු වැරැද්දක් කරේ. විශේෂයෙන් group leadersල විදියට අපි දෙන්න.දැන් මොනා කරන්නද පසු තැවෙනව හැරෙන්න."
"මට තියෙන්නෙ ලොකු බයක්.අපේ groups දෙකේ වටිනාකම,ශක්තිය ඔක්කොම රදා පැවතිලා තිබ්බෙ අපි හැමෝම අතේ, ඒත් දැන් අපිට, අපේ හිටපු හොදම සාමාජිකයෙක් නැති වෙන්න යන්නේ.අපි හිටියෙ group එකකටත් වඩා එහාට ගිය ලොකු සහෝදර බැදීමකින්.Blackpinkලත් ඒම තමා. මට අපේ අනාගතය ගැන බයයි.අපිට අපේ සහෝදරයෙක් නැති වෙන්න යන්නෙ.ඒ වගේම,Jisoo ඔයා අපේ group එකේ නොව්නත් ඔයා අපේ සහෝදරියක් වගේ"
Namjoonගේ මේ වදනට Jisoo,JK පමනක් නොව සියලු දෙනාගේම සිත් හැගීම්බර විය.නිමුත් සහෝදර Namjoonගේ වදනට නැවතවතාවක් Jisooගේ නෙතට කදුලක් ඉනීය.වෙනදා ලද හැම ඇසිල්ලකම පාහේ පෙම්බස් දොඩන Jisoo සහ JK අද මූනින් මූන පමනක් බලා සිනහ රහිත දුක්මුසු මුවින් පිටවී යයි.හිතේ ඇති කියා ගත නොහැකි ආදරයේ දැවෙන වේදනාව නිසා හො නැතිනම් P.D. මහතාගේ වදනට පිටු නොපෑයිය නිසා හෝ නැතිනම් ඒ දෙකටම හො ඔවුන් මෙලෙස කලා විය හැකි.😥
ඒ නම් part 1 ඉවරයි.ඊලඟට part 2 නෙ. ඒකෙන් තමා කෝමද මේ ආදරේ පටන් ගත්තෙ කියල කියන්නෙ. එතකම් ඉවසන්න පුලුවන් නේ.😌 ඒනම්
ටටා...😂
✍ by Baibe__tan
YOU ARE READING
The Lost Love
Romance📄 ආදරය කියන්නෙ හරිම අමුතු දෙයක්.ඒක හැමෝටම අයිති පොදු දෙයක්.ඒත් ඒක ටික කාලෙකට හරි තහනම් වෙච්ච අයත් ඉන්නව.😔 📄ඒ වගේම ඒක හිතේ හිරකරගෙන ඉන්න අමාරුයි.කෝමහරි ඒක පිට වෙනව.කටින් නොකීවත් ඇස් වලින් හරි කියවෙනව👀.සන්සාරෙ පතන් ආව එකක් නම් මොන සීමා තිබ්බත් නවත...