🧚‍♂️✨🥀 03 🥀✨🧚‍♂️

558 106 8
                                    

මේ හැම දෙයක්ම මගේ හීනේ විදියටම සිද්ධ වෙනවා.

ඔව් එතන හිටියේ මං හීනෙන් දැකපු ඒ ලස්සන කෙනා. මට මගේ ඇස් අදහා ගනන බැරි වුනා.

මං මොකද්දෝ හරි අමුත්තක් දැනෙනවා.
ඒ ඇස් හරිම ලසසනයි. මුන මේ ඔක්කොම දිහා මට බලන් ඉද්දි ආදරය හිතෙනවා.

ඔව් මට ආදරය හ්තෙනවා. මං ඒ කම්මුල් මගේ අත් දෙකෙන් පිරි මැද්දේ මේ වෙන දේවල් ඇත්තද කියලා ඔප්පු කර ගන්න. ඒ කම්මුල් හරිම සිනිදුයි.

දැක්ක පලවෙනි පාර වුනත් මට එයා එක්ක ලොකු බැදීමක් තියෙනවා වගේ හැගීමක් දැනෙනවා.
මං ඒ මුන දිහා බලන් ඉද්දි එයා හරිම ලස්සන විදියට හිනා වෙනවා.

ටික වේලාවක් ඇස් වලින් බැදිලා කතා කරපු අපි දෙන්නාව ඇත් කරන්න වගේ අපි දෙන්නාට පිටි පස්සෙන් ආලෝකයක් පිට වුනා වගේ දැනුනා .

ආලෝකයක් එක්ක කෙනෙක් එතනට ආවා.

ඒ වෙන කවුරුත් නෙමෙයි . මේ තැන අරක් දේවතාවිය
.

" දරුවෝ. මං ඊයේ ඔබට කියපු දේ අද ඔබ හොයා ගත්තා. ඔබට ඔබේ ආදරය ලැබුනා දරුවෝ. ඒ වගේම මගේ ඒන්ජල්ටත්. "

"මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ."

" මං කියන්නම් දරුවෝ. මේ ඉන්නේ ටේ හි්‍යුන්ග් . එයා දැන් ඒන්ජල් කෙනෙක්. මෙයා තමයි හැම ආත්මෙක වගේම මෙ ආත්මෙත් සහකාරයා වෙන්නේ. ඔය දෙන්නා හම්බ වෙන විදිය වෙනස් වුනත් ඔය දෙන්නාගේම දෛවයේ ලියවිලා තියෙනවා ඔය දෙන්නාව අනිවාර්යයෙන්ම මුන ගැහෙන්න ඕනෙ කියලා. ඒකයි මෙ විදියට හරි මොන විදියට හරි ඔය දෙන්නා ආත්මෙන් ආත්මේ මුන ගැහැනේනේ.
ඒ වගේම ඔය දෙන්නාගේ ආදරය මේ ස්වභාවදහමත් කැමති වෙලා. ටිකක් වට පිට බලන්න . ⁣මං පරවෙන මේ මධ්‍යම රාත්‍රියේ හැම ගහක් පාහේම මල් ගොඩක් පිරිලා.
වෙනදට අදුරු වැටුනාම අදුරු වෙන පොකුන අද නිල් පාට වෙලා.
ඔය දෙන්නාට ස්වභාවදහමත් ආදරෙයි. ඒක නිසා දෙන්නා සතුටින් ආදරෙන් ඉන්න.

මට තිබ්බ කාර්ය මං කලා. ඔය දෙන්නාව මුන ගැහුන දවසක මේක පැහැදිලි කරන්න තිබ්බා. ඒක මං සම්පූර්ණ කලා.
මගේ ආශිර්වාදය ඔය දෙන්නාට හැමදාම තියෙනවා. සතුටින් ඉන්න. "

🧚‍♂️✨🥀 My little angel 🥀✨🧚‍♂️Where stories live. Discover now