" යුන්ගි සර් ඔයාව හම්බෙන්න බුසාන් කොලේජ් එකේ ලමයෙක් ඇවිත්"
ශොප් එකේ වැඩට හිටපු කෙනෙක් ඇවිත් එහෙම කියන කොට යුන්ගි නිදි කිර කිර ඉදපු පුටුවෙන් නැගිටලා එලියට ගිහිම් බැලුවා..." ඩොරති ඔයා"
යුන්ගි පුදුමෙන් ඇහුවා." හේ හේ කොහොමද මිස්ට මින්, මන් ආවේ මෙහෙ පාර්ට් ටයිම් ජොබ් එකක් ගන්න, ඔයා අර ඉස්සරහ නෝටිස් එකක් දාලා තිබ්බේ"
ජිමින් හිනා වෙවී ඇහුවා..." අහ්හ් කිසි ප්‍රශ්නයක් නෑ ඩොරති, ඔයාට තියෙන්නේ, මහන ඇදුම් ගිහිම් ඩිලිවර් කරන්න, ඔයාට බයිසිකල් එකක් තියෙනව නේද..? "
යුන්ගි ඇහිබැමකුත් උස්සලා ඇහුවා." ඔව්ව් මිස්ට මින් ඒක නෙවේ මගේ නම පාර්ක් ජීමින් , ඩොරති නෙවේ... "
ජිමින් ඒක කිව්වෙ ටිකක් අමනාපෙන් වගෙ." අනිත් අයට ඔයා ජිමින්, හැබැයි මට ඩොරති... "
කට කොනින් හිනාවක් දාගෙන යුන්ගි කියද්දි ජිමින් රතු වුනා.ඉතිං එයා පහු වෙනිදා ඉදන් ඉස්කෝලේ ඇරුනම හැමදාම වැඩට ආවා...
යුන්ගි අනිත් අයට වඩා වැඩියෙන් ජීමින් ගැන හෙව්වා...
කොයි වෙලෙත් ඩොරති ඩොරති කිය කිය ජිමින්ව අවුස්සපු එක තමා එයා ඇදුම් මහන එකට අමතරව කරපු ලොකුම රාජකාරිය...
ඔය විදියට මාස 5 ගෙවිලා ගියේ දෙන්නගෙම හිතේ දෙන්න ගැනම ආදර සිතුවිලි ඇතිවෙන අතරේ...
ඒත් යුන්ගි එයාගේ අදහස ජීමින්ට කියන්න පසු බැස්සේ එයා ජිමින්ට වඩා අවුරුදු 10 ක් ම වැඩිමල් නිසා...
ජිමින්නම් යුන්ගිගේ වයස ගැන පොඩ්ඩක්වත් කරදර නොවුනත් එයාට මුලින්ම මේ ගැන යුන්ගිට කියන්න බය හිතුනේ දෙවනි වතාවටත් එයාව රිජෙක්ට් වෙයිද කියන සැකේ නිසා...
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
" මිස්ට මින් "
" ඔව් කියන්න ඩොරති"
" යා... මිස්ට යුන්ගි ඔයා මට ඩොරති කියන එක නතර කරන්නෙ කවදද..? "
" මන් මැරිලත් පැයක් ගියාට පස්සේ, දැන් ආපු කාරණාව කියන්නකො... "
"මගේ යාලුවෙක් කෙනෙක්ට කැමති...
ඒ කෙනා මගේ යාලුවා පාර්ට් ටයිම් එක කරන තැන බොස්...
එයා මගෙ යාලුවට වඩ අවුරුදු 10 වැඩිමලුත් එක්ක, ඒක හැබැයි මගෙ යාලුවට කොහෙත්ම ප්‍රශ්නයක් නෙවේ...
ඒත් එයා ඒක එයාට කිය්න්න් බයයි, රිජෙක්ට් වෙයිද කියලා, මොකද මගේ නෑ මන් මේ කිව්වේ මගේ යාලුවගෙ ෆස්ට් ලව් එක නොහිතපු විදියට ඉවර වුනා...
ඉතිං ඔයා හිතන්නේ එයා එයාගේ ක්‍රශ් එකට ඇත්ත කියන එකද හොද නැත්නම් කට වහන් ඉන්න එකද..? "
ජිමින් ඇබරි ඇබරි කිව්වා." මාත් ඔයාට ආදරෙයි ජිමින්" යුන්ගි කට කොනකින හිනාවක් දාන ගමන් කිව්වා...
යුන්ගි මෝඩයෙක් නෙවේනේ මේ ජිමින් කියන්නේ ඒ දෙන්න ගැන කියලා නොතේරෙන්න තරම්...
ජිමින්ගේ ඇස් පොල් ගෙඩි සයිස් වුනා...
" ඔ ...ඔයා කො..කොහොමද ආයිශ්"
ජිමින් ලැජ්ජාවෙන් මූන වහගත්තා.යුන්ගි එතනට ඇවිත් ජිමින්ව බිත්තියට තියලා තද කලා...( ජිමින් රියුජින්ට කරන්න හින මැව්ව විදියට)
" මොකද මන් ඔයාට ගොඩක් ආදරේ නිසා, ඔයා හැරෙනකොට මට කියන්න පුලුවන්"
එහෙම කිව්ව යුන්ගි හරිම ආදරෙන් ජිමින්ගේ තොල් සිපගත්තා...මුලින් පුදුම වුනත් ජීමිනුත් අනික් පැත්තට යුන්ගිව කිස් කලා...
" සරංහේ ඩොරති..."
" යාආආආ හ්‍යුන් මන් ජීමින්..."
🌾🌾🌾🌾🌾🌾නිමි🌾🌾🌾🌾🌾
දන්නවා මේක හරිම ගොන්...
CHEMISTRY ක්ලාස් එකේ රසායනික ගණනය ගානක් හදනකොට ටොයින් ගාලා මේ අයිඩිය එක ආවේ ...
ඔන්න මගේ බොක්කගෙ බයස් ජින් නිසා එයාව චාටර් නොකර ලිව්වා...
තෑන්ක්ස් කරපන් 😁😁😁😁😁😁😁😁
බායි බායි
ලව් යූ... ❤
අනේ අන්තිමට මොනාම හරි දෙයක් කියන් යන්නකෝ, අඩු ගානේ වත්තට යන්නම් මලක් කඩන්නම් කියලා හරි, හීහී ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න, තැන්කිව් හැමෝටම
YOU ARE READING
🌾🌾🌾 W̸I̸Z̸A̸R̸D̸ O̸F̸ O̸Z̸ 🌾🌾🌾 [Completed]
Fanfictionමේ අවුරුද්දේ එයාලගේ ඩ්‍රාමා එක විසාර්ඩ් ඔෆ් ඕස්, ඒකේ පබයට ඉන්නේ ජන්කුක් එතකොට ටින් මිනිහට ඉන්නේ යොන්ජුන්, සිංහයට නම්ජුන්, නපුරු මායාකාරිට ටේ, හොද මායාකාරියට ජින්, කතාවේ මේන් කැරැක්ටර් වෙච්චි ඩොරතිට ජිම්න්