My Rogue Luna
Episode 11
Your Veiw
"Y/N...! ඔයා ආවා ඇති යාන්තම්"
Pack house එකට ආපු ගමන්ම මන් එනකම් දොර රැකගෙන වගේ හිටපු Yoon මාව තදින් hug කරගෙන එහෙම කිව්වෙ මගේ හිතට යම්තරමක සහනයක් දෙන ගමන්. එන්න කලින් මන් හැම තුවාලයක්ම හොඳ කරගෙන ආවත් මගේ ඇඳුම් නම් හොඳ තත්වෙක තිබුණෙ නැති නිසා වෙන්න ඇති hug එකට කඩපු Yoon මගේ ඔලුවෙ ඉඳන් පහලට බලාගෙන ගියේ ටිකක් චකිතයකින්.මන් උපරිම උත්සාහ කළේ මගේ හැඟීම් හංගගෙන එයාගෙ ඉස්සරහ ඉන්න විතරයි. මට Mateව නැති වුණාට වඩා අවුරුදු ගානකට පස්සෙ ආයෙ හම්බුන මගේ හොඳම යාළුවව නැති වුණ එකටයි හුඟක්ම දුක. ඒත් කමක් නැහැ මට Yoon ඉන්නවනෙ. මට හිත හදාගන්න Yoon හිටියම ඇති. Yoon තමයි එදා ඉඳන් මගේ හොඳම යාලුවා.
"කවුද ඔයාට මෙහෙම කළේ? මන් ඔයාට මෙහෙම කරපු එකාට හොඳ වැඩක් කරනව!"
Yoon මට වුණ තුවාල නොදැක්කත් ඇඳුම්වල පෙනුමින් තේරුම් ගන්න ඇති වුණ දේ. එයා හිටියෙ හුඟක් කේන්තියෙන්.Yoonගෙ කරට අත දාගත්තු මන් එයාට ලොකු හිනාවක් දීල එයා එක්කම pack house එක ඇතුලට ගියේ අනිත් හැමෝම මාව දැකල එයාලගෙ මූණු සතුටින් පුරවගන්නවත් එක්කමයි."මන් කිව්වනෙ මන් මැරෙන්නෙ නෑ කියල මෝඩි..!"
මන් Yoonගෙ කොන්ඩෙ අවුස්සන ගමන් කිව්වෙ අනිත් හැමෝමත් එක්කම හිනා වෙන ගමන්. වාව් එයාල මේ තරම් සතුටින් ඉන්නව මන් දැකල නෑ. එයාලට මාව ඒ තරම් වටිනවද?.
.
.Five mouths later
ඔව් කරන්න බැරි දෙයක් නෑනෙ? මන් මගේ පරණ බෙස්ටිව අමතක කරල දාල මගේ සාමාන්‍ය විදිහට ජීවිතේ ගතකළා. මන් තවදුරටත් මගේ පරණ pack එක ගැන වද වුනේවත් මගේ පවුලෙ අයට වුණ දේ ගැන හිත හිත දුක් වුණේවත් නැහැ. එදායින් පස්සෙ මන් අලුත් ජීවිතයක් පටන් ගත්ත.
එදා මන් ගෙදර ආවට පස්සෙ මන් මගේ අදහස හැමෝටම කිව්ව මට තව දුරටත් Rogue කෙනෙක් වෙලා ඉන්න බැහැ කියලත් මන් leader තනතුරෙන් අයින් වෙලා යනව කියලත්. හුඟක් ප්‍රශ්න ඇහුව එයාල මගෙන් ඒත් මට උත්තර දෙන්න බැහැනෙ.
මන් Yoonව leader කරල pack house එකෙන් යන්න හැදුවත් එයත් මන් එක්ක ආවෙ එයාගෙ අයියගෙ බලවත් විරෝධය මැද. එයා leader තනතුර Yoongiට දුන්නෙ Yoongiව හැමෝම පිලිගන්නවත් එක්කමයි. ඔව් එයාලගෙ මූණුවල සතුටක්නම් තිබ්බෙ නෑ. ඒත් මට තව දුරටත් Rogue කෙනෙක් වෙලා ඉන්න ඕන නැහැ.
YOU ARE READING
𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃ
Loup-garouIt was winter. Jimin was playing with his friend in snow and he was 10. Y/n was 09. Y/n saw it and it made her jealous. She hit him hard with a snowball. Jimin ran to her with his cute, angry face. Jimin: Hey...! You you y/n....!!! How dare you to...