07 කොටස

1.2K 172 12
                                    

සිකාගේ පහරින් බිමට වැටුණු රුෂේන්ට දැණුනේ හරියට තමන්ගේ මුළු ඇගම පණනැතිවෙලා වගේ.හෙළවෙන්නවත්  බැරි තරම් වේදනාවකින් මුළු ඇගම හිරවෙලා වගේ දැණුනත් තවමත් බොද වූ දෑසින් ඔහු බලාගෙන සිටියේ අයියා දිහා. බිමවැටුණු තමන් දිහාවට අයියා එන්න හදනවාත් සමගම සිකා විසින් ඔහු වෙතටත් දරුණු යකඩ පොලු පහරක් එල්ල කළත් පොඩ්ඩාට පහරදීම නිසා නැගුණු ආවේගයත් සමගම දෙවෙනි වරට පහරදෙන්න ඔහු උත්සාහ කළ විට පොල්ල වැරෙන් අල්ලාගත් අයියා එය උදුරාගෙන දරුණු පහරක් සිකාගේ හිසට එල්ල කළා.සිකා ඒ මරු පහරින් එතනම වැටුණා.

ඒත් සමගම මුළු පරිසරයම දෙවනත් වෙන අයුරින් කෑගසමින් පොඩ්ඩා දෙසට දිව ආ තිසුල වහාම පොඩ්ඩාව සිය උකුළට ගත්තේ කදුළු පිරි දෙනෙතින් යුතුවය.

"අනේ පොඩ්ඩෝ..උඹට මුකුත් වෙන්නෑ රත්තරං ... අපි ඉක්මනට මෙතනින් යමු....මම නිසා තමයි උඹට මේම වුණේ..ප්ලීස් මේ අයියාට සමාවෙන්න." 

බොඳ වුණු දෙනෙතින් අයියාගේ රූපය පෙනුනත් කියන කිසිම දෙයක් හරියට ඇහුණේ නැත්තේ කන ඇතුලෙන් ' කීං' සද්දයක් දෝංකාර දුන්නු නිසයි.

පෙර පහරදීම නිසා තිසුවාගේ අත බිඳී තිබුණු නිසා පොඩ්ඩව සම්පූර්ණයෙන් ඔසවාගැනීමට නොහැකි බැවින් අනික් අතින් පොඩ්ඩව උපරිම උත්සාහ කරලා නැගිට්ටවගන්න උත්සාහ කරා.කෙසේ හෝ ඔහුව හැකිතරම් වත්තන් කරගෙන ඔසවාගත්තත් පොඩ්ඩගේ බොඳ වූ දෑසට යමක් පෙනෙන්නට වුණා.

ඒ වෙන කිසිවක් නොවේ ඔවුන් පසුපස පන්නගෙන විත් මග හරස් කළ බයිසිකලයේ පැමිණි කෙනායි. බොඳ වූ දෑසට වුණත් ඔහුට යමක් පැහැදිලිව පෙණුනා.ඒ තමයි ඔහු තුවක්කුවක් මානාගෙන සිටින බව. ඒ වෙනකොටත් තුවක්කුව කොකා ගැස්සීමට ආසන්නව තිබුණු නිසා එය ක්ෂණයෙන් තේරුම් ගත් රුෂේන් තිසුලට හිතන්නවත් ඉඩක් නොතබමින් තමන්ගේ ශරීරයේ ඉතුරුව තිබුණු මුලු ශක්තියම එකතු කරගෙන එක්වරම තිසුල ආවරණය වෙන ලෙස ඉදිරියට පැන්නා.

ඒත් සමගම ක්ෂණයෙන් තිසුල ඉලක්ක කර එවූ වෙඩි උණ්ඩය පොඩ්ඩාගේ එක උරහිසක් පසාරු කරගෙන ගමන් කරා.තත්පරයක පමාවෙන් සිදුවුණු මේ දේ තේරුම් ගන්නකොට තිසුල පමාවෙලා වැඩියි.ලේ වැගිරෙමින් ඔහුගේ පපුව මතටම වැටුණු පොඩ්ඩව තුරුල් කරන් කෑගැහුවේ තමන් නිසා අහිංසක පොඩී ට වෙච්ච දේ ගැන හිතමිනුයි.

සෙල්ලක්කාරයා Where stories live. Discover now