Episode 01

303 30 6
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

වළාකුළු අසපුවෙ වෙනදාට දකින්න තියෙන නිශ්ශබ්ද බව නම් දැන් බොහොම කාලෙකට කලින් අතුරුදහන් වෙලා කියලා ලන් චිරෙන්ට හිතුනේ ලංශියට වෙලා කැගහන සිසුන් ටික දැකලා. කරන හැම වරදකමටම නිති පිටපත් කරන්න දුන්නාත් මේ අය හැදෙන පාටක් නැ කියලා ලන් චිරෙන්ට විතරක් නෙවෙයි ලන් ශිචෙන්ටත් හිතිලා තිබුනේ.ඒත් ඒ දගකාරකම් , මුරන්ඩුකම් වලට හිත යටින් ලන් ශිචෙන් ආදරය කලා. අවුරුදු කිහිපයකට කලින් ගුසු කියන්නෙ හරිම නිස්කලංක , නිශ්ශබ්ද තැනක්. ඒත් වෙයි වුෂියෑන්ගෙ පැමිණිමත් එක්ක ඒක වෙනස් වුනා. ඒ දවස් වලට ලන් ශිචෙන් වගෙම ලන් වංජිත් ආදරය කලා.දැන් ආයෙත් ඒ කාලය ඇවිත් .

ලංශිය ඇතුලට ගිය ලන් චිරෙන් කැගැහුවේ හැමොටම නිශ්ශබ්ද වෙන්න කියලා . ඒත් ලන් ජිංයි , ජින් ලින් එක්ක තාමත්  රන්ඩු කර කර හිටියෙ ඒ කියන දෙවල් ඇහුනේ නැ වගෙ. මෙච්චර වෙලා මේක දිහා බලන් හිටිය ලන් යුආනුත් ඒ දෙන්නා මැද්දට ඇවිත් කැගැහුවේ ලන් චිරෙන්ගෙ කොපය තවත් වැඩි කරමින්..

" ජිංයි  , යුආන් ,ජින් ලින් ඔය තුන් දෙනා දැන්ම පන්තියෙන් එලියට යනවා.."

ලන් චිරෙන්ගෙ ඒ වචන ඇහෙනවාත් එක්ක තුන් දෙනාම ලංශියෙන් එලියට ගියේ පුදුම සතුටකින්.ඔව් අද ජිංයිට වගෙම ජින් ලින්ටත් පන්තියේ ඉන්න වුවමනාවක් තිබුනෙ නැ. ඒ දෙන්නා රන්ඩු කරන්න පටන් ගත්තෙ ලන් චිරෙන් පන්තියෙන් එලවයි කියලා බලාපොරොත්තුවෙන් .ඒත් මේ කිසි දෙයක් නොදන්න යුආන් නිකන්ම මේ දෙන්නාගෙ කපටිකම් වලට අහු වුනා.

" ජිංයි , ඔයා නම් ලගදිම ලන් චිරෙන්ගෙන් හොද පාඩමක් ඉගෙන ගන්නවා."

" අයියො යුආන් මට ඔය රැවුලාගෙ පාඩම් ඉගෙන ගන්න එක එපා වෙලා තියෙන්නෙ . ඔක්කොටම හපන් අර ඉස්සෙල්ලාම කියන නිති 3000. ඕක හැමදාම කියන්න ඔනෙද . කවදාහරි ඔය ලන් චිරෙන් මැරෙන්නෙත් ඔය නිතියක් ගැන හිත හිත ඉදලා හුස්ම හිරවෙලා."

" ඒක ඇත්ත "

මෙච්චර වෙලා කටවහන් හිටපු ජින් ලිනුත් ජිංයි කියපු දෙවල් වලට පොහොර දාපු නිසා යුආන්ට තවත් කෙන්ති . වළාකුළු අසපුව පුරා ඔහෙ ඇවිද ඇවිද හිටපු මේ තුන් දෙනා දැක්කා සීත ගුහාව ලග තියෙන තවත් ගුහාවක් ඇතුලෙ ඉදන් එන වෙයි වුෂියෑන්ව. ඒ ගුහාව ඇතුලට යන්න කිසිම කෙනෙක්ට අවසර තිබුනෙ නම් නැ.අඩුම ගානෙ ලන් වංජිට වත්. වුෂියෑන් තමන්ගෙ නව සොයාගැනිම් ගැන පරික්ෂණ කරන්නෙ ඒ ගුහාව ඇතුලේ නිසා ඒ ගුහාවට කිසි කෙනෙක්ට ඇතුලු විම තහනම්.

 Magic Mirror Where stories live. Discover now