Episode 02

118 27 3
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ඒ එක්කම ලොකු ආලොකයක් ඒ තුන් දෙනාගෙ මුහුනට වැටෙනවාත් එක්කම ඔවුන් තමන්ගෙ මුහුන අතින් වහ ගත්තේ ඒ අලොකය දිහා බලන්න බැරි නිසා........

තමන්ගෙ ඉස්සරහට මේ විදියට එන්නෙ මොකක්ද කියලා ඒයාලාට හරියට තෙරුනෙ නැතත් , ඔවුන්ට තෙරුනා ඒ දේ නිසා තමන්ට ලොකු අනතුරක් වෙන්න යන්නෙ කියලා . ඔවුන් පුලුවන් තරම් ඉක්මනට තමන්ගෙ ආයුධත් අරගෙන ලැස්ති වුනේ ඒ දෙය එක්ක සටන් කරන්න . ජින් ලින් තමන්ගෙ දුන්නත් , ජිංයි , යුආන් දෙන්නා තමන්ගෙ කඩුත් අරන් ලැස්ති වුනෙ ලොකු සටනකට.. ඒත් නොහිතපු විදියට පාර අයිනෙ හිටපු කෙනෙක් කැගහන්න පටන් ගත්තු නිසා තුන්දෙනාගෙම අවධානය ඒ පැත්තට යොමු වුනා.

" ඒයි ළමයිනෙ පිස්සු ද , ඔතනින් අයින් වෙන්න. පෙන්නෙ නැද්ද  ඔයාලාගෙ ඉස්සරහින් එන බස් එක.මැරෙන්න ආස හිතිලාද .ඉක්මනට අයින් වෙනවලා."

තමන් ඉන්න තැන ගැන හරි අවබොධයක් නොතිබුන නිසා ඔවුන් ඒ මනුස්සායා කියපු දෙ අහලා එතනින් අයින් වුනේ පුදුමයෙන් වටපිට බල බල. එතන හිටපු හැම කෙනෙක්ම ඔවුන් දිහා බැලුවේ හරිම අමුතු විදියට . සමහරු හිනා වෙවි  ඔවුන්ගෙ ජයාරුප ගත්තා වගෙම තවත් සමහර අය " මොන විකාරකාරයො ටිකක්ද මේ " කිය කිය එතනින් ගියෙ ඔවුන් දිහා   අපහාසාත්මක විදියට බලලා. විනාඩි කිහිපයක් යනකොට හැමොම ආයෙත් සුපුරුදු විදියට තමන්ගෙ රාජකාරි වල නියැලුනෙ මේ තුන් දෙනාව අමතක කරලා.

ඒත් ජිංයි , යුආන් වගෙම ජින් ලින් තාමත් පුදුම වෙලා බලන් හිටියෙ එයාලා කොහෙටද මේ ඇවිත් ඉන්නෙ කියලා . තමන්ටත් වඩා උස අමුතු ගොඩනැගිලි , එක එක විදියෙ එලිය විහිදෙන අමුතු උපකරණ , අමුතු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු වගෙම ඉස්සෙල්ලා ඔවුන්ව මරන්න හදපු බස් ..ඇත්තටම මේ පාර නම් ලොකු ආමාරුවක වැටුනා කියලා ඔවුන්ට තෙරුනා...

තමන් දිහා මිනිස්සු අමුතු විදියට බලනවා කියලා තෙරුනත් ඒ කිසිදෙයක් ගනන් නොගෙන ඔවුන් ඔහේ ඇවිදන් ගියේ මෙතනින් එලියට යන්න පුලුවන් පාරක් හොයාගන්න .ඒත් අවසානවට ඔවුන්ට ගුසු තියා ඒ හා සමාන තැනක් වත් හම්බුනෙ නම් නැ. අන්තිමෙ පාර අයිනෙ තිබුන බංකුවක ඉදගෙන කල්පනා කලෙ " අපි මේ වැටුන ආමාරුව මොකක්ද " කියලා .

 Magic Mirror Where stories live. Discover now