ඒත්.....
තවත් ගෙරවිල්ලක්....
හැබැයි ඒකේ තිබ්බෙ කේන්තිය. ඒ මොකටද මාව බේරගන්නද නැත්තම මාව එයාගෙ ගොදුර කරගන්නද. මම ඒත් එක්කම මම මගෙ පියවෙන්න ඔන්න මෙන්න තියෙන ඇස් වලින් ඒ දිහා බැලුවා.
කව්රුත් හිටියෙ නෑ.
ආපහු ගෙරවිල්ලක් හැබැයි මේ පාර ඒක ගෙරවිල්ලකට වඩා වෙනස් ඒයා අහසට හූ කියනවා. මම ඒත් එක්කම උඩ බැලුවා. තවත් ගෑනු කෙනෙක් හැබැයි ගොඩක් ලස්සන සුදු පාට දිග ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්. එයා හිටියෙ දිය ඇල්ල පාමුල වැට ලග. හිතා ගන්නවත් වෙලාවක් නොතිය එයා එතනින් පැන්නා. එයා පැයිනවත් එක්කම එයාගෙ ඇදුම ඉරිලා ගිහින් තවත් ලස්සන සුදු වුර්කයෙක්. හැබැයි එයාගෙ මූනෙනම් මාව බිලි ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් නිල් පාටයි. ගොඩක් ලස්සනයි එයාගෙ මවිල් වලට ගැලපෙනවා. ඔම්මා කියපු විදිහට මෙයා omega කෙනෙක්. ඒත් ඇයි මම පුදුම වෙන්නෙ නැත්තෙ නිකන් හරියට මට එයාව හුරුපුරුදුයි කියලා දැනෙන්නෙ ඇයි
එයා මගෙ ගාව හිටිය වුර්කයට ගෙරෙව්වා. හරියට එයාට අබියෝග කරනවා වගේ. ඒ දෙන්නගෙ වෙනසකට තිබ්බෙ මම ගාව ඉන්න එක්කෙනා අපිරිසිදුයි ඒ වගේම ලොකුයි අනිත් කෙනා පිරිසිදුයි හැබැයි පොඩියි. ඒත් ඔම්ම කියපු විදිහට මේයාල තමා ඉන්න දුර්වලම කට්ටියන අනික ඇල්ෆා කෙනෙක්ට අබියෝග කරන්න. ඒකත් මේ මම වෙනුවෙන්. මම ගාව හිටිය වුර්කයා මාව පහු කරගෙන එයා ගාවට යන්න පටන් ගත්තා.
'නෑ මම නිසා තව කෙනෙකුට කරදරයක් වෙන්න දෙන්න බෑ'
මම ඒත් එක්කම එයාගෙ පිටිපස්සෙ කකුලෙන් අල්ලගත්තා. එයා තරහෙන් හිටපු වෙලේ මම කරපු දෙයින් එයා තවත් තරහ ගියා එයා එක පාරටම මගෙ පැත්ත හැරිලා මාගෙ මූන කන්න පැන්නා මම ඒත් එක්කම ඇස් පියා ගත්තා.
තවත් ගෙරවිල්ලක් මම ඇස් ඇරියා එයාගෙයි මගෙගෙයි මූන අතර සෙන්ටිමීටරයක විතර පරතරයක් තිබ්බෙ. එයා ආපහු අනිත් පැත්ත හැරුනා
තව වුර්කයෙක් එයා හැබැයි සුදුයි කලුයි දෙකම මික්ස් වෙච්ච එක්කෙනෙක් එයත් උඩ ඉදන් පල්ලහාට පැන්නා. එයාගෙ ඇස් දෙකත් ගෝල්ඩන් පාටයි ඒ කියන්නෙ තවත් ඇල්ෆා කෙනෙක්. එයත් මම ගාව හිටපු සුදු ඇල්ෆට ගෙරෙව්වා. නැවත ප්රතිචාරයක් විදිහට මම ගාව හිටපු වුර්කයා අනිත් ඇල්ෆාට ගෙරෙව්වා. ඒත් එක්කන මට මගෙ සිහිය ගිලිහෙනවා වගෙ දැනෙද්දි එතන හිටියා සුදු ඔමෙගා වේදනාත්මක විදිහට හිමිහට කෙදිර ගන්න පටන් ගත්තා හරියට එයාට මගෙ වෙදනාව තෙරෙනවා වගේ ඒත් එක්කම තවත් වුර්කයො හතර දෙනෙක් දිය ඇල්ල උඩ ඉදන් පල්ලහාට පැනලා නරක වුර්කයාට විරුද්දව ගොරවන්න පටන් ගත්තා. ඒත් එක්කම එතන හිටිය අනිත් පිලේ ඇල්ෆා මම ගාව හිටපු වුර්කයාට පහර දෙන්න අනිත් වුර්කයන්ට අන කරා වගේ ඔලුවා වැනලා ගෙරවිල්ලක් පිට කරා. ඒත් එක්කම අනිත් වුර්කයො සමග සුදු වුර්කයාට විරුද්දව අනිත් ඇල්ෆා සටන පටන් ගන්නවත් එක්කම මගෙ ඇස් පිය වුනා.