Tae pov
අපි පැය දෙකකින් ජන්කුක්ගෙ පැක් එකට ආවා. අපේ එක වගේ තුන් ගුනයක් විතර ලොකුයි. ඊටත් වඩාද මන්දා.
එයා පැක් හව්ස් එක ඉස්සරහට ආපු ගමන් කාර් එකෙන් බැහැලා කාත් එක්කද මන්දා කතා කරලා ඇතුලට ගියා. මම දැන් කොහෙද යන්නෙ. මම එහෙම හිත හිත කාර් එකෙන් බැහැලා පැක් හව්ස් එක දිහා බලාගෙන හිටියා. හවස් වෙලා නිසා කහ පාට ලයිට් වලට ලස්සනට පෙනුනා හරියට මාලිගාවක් වගේ.
සර්, අපි ඇතුලට යමු
ආ..?
අපි ඔයාගෙ බඩු ටික ගේන්නම් එන්නකො මගෙ පස්සෙන් මම ඔයාගෙ රූම් එක පෙන්නන්නම්.
ඒ ආපු කෙනා මට ඔලුව නමලා ඉස්සරහට යන්න වගේ අත දික් කරා. මම ටිකක් එයාගෙ ඉස්සරහ ගිහින් නතර වෙලා කොහෙද යන්නෙ කියලා බලාගෙන හිටියා. ඊට පස්සෙ එයා මට එන්න කියලා ඉස්සරහට යන්න පටන් ගත්තා. මම හිතුවට වඩා මේ හව්ස් එක ගොඩක් ලොකුයි. මම ඇවිදගෙන යන කොට එක එක අය මගෙ දිහා බලලා කුරු කුරු ගාන්න පටන් ගත්තා. ඔව් ඉතින් අර වගේ එක්කෙනෙක්ව බදින්න කැමති වුනා කිව්වහම කාටද පුදුම. සමහර අය මගෙ දිහා බලලා ලස්සනට හිනා වෙන කොට සමහර අය මගෙ දිහා බලලා ඔරවන්න පටන් ගත්තා. ඒ මොකටද. ඒ ගොල්ලො මට ඊරිසියා කිරනවද. ඒ කියන්න ඇල්ෆා ජෙයොන්ට කැමති අයත් ඉන්නවද. අපි ටිකක්කින් දැව වලින් හදපු ලොකු දොරක් ගාව නතර වුනා.
සර් මේ තියෙන්නෙ ඔයාගෙ කාමරේ විවාහයෙන් පස්සෙ ඔයාට ඇල්ෆා ජෙයොන් එක්ක ඉන්න පුලුවන්
'මුට ඔල්මාදෙද'
මම විවාහයෙන් පස්සෙ එයත් එක්ක ඉන්න ඕනෙද😖මිසිස් ජෙයොන්නම් කිව්වෙ එහෙම තමා
එතකොට ඇල්ෆා ජෙයොන් ඒකට කැමතිද
ඒකනම් මම දන්නෙ නෑ. ඔයාට ඕන්නම් ඒක එයාගෙන් අහන්න පුලුවන්
😖😖නෑ නෑ ඕනෙ නෑ
ඔයාගෙ කැමත්තක් සර්.
සර්ගෙ ප්‍රයිවට් සර්වන්ට් තව ටිකකින් එයි. එයා ඔයාට රෑ කෑමට අදින්න ඇදුමක් තෝරලා දෙයි.හරි
මම එහෙම කියලා දොර ඇරගෙන ඇතුලට ගියා. වාව්.. මේකෙ ලොකු 😮😮 හැම එකක්ම සුදු පාටයි ගෝල්ඩ් පාටයි. වාව්..ඇදේ ලොකු.