🥀Ep.19

1.2K 281 47
                                    

මං ඇඳ ළඟට ගියාම නපුර මාව ඇදල අරගෙන කරපු දේ නිසා මං එයාගෙ දිහා බැලුවෙ ඇස් දෙකත් බෝල කරගෙන.

නපුර මාව ඇඳ උඩින් ඉන්දවල මගෙ උකුළෙන් ඔළුව තියාගත්තෙ කොට්ටෙකුත් තියල.

💙"මොකද ඔහොම බලන් ඉන්නෙ...ඔළුව අත ගානවකො චුට්ටක්....ඔළුව රිදෙනව"

ඇස් පියාගෙන හිටපු නපුර කිව්වම මං එයාගෙ කෙස් අතර හිමීට අතැඟිලි ගෙනිච්ච.

💮"උණ තියෙද්දි නාපුවම ඔහොම වෙනව. කොහෙද ඉතින් පණ්ඩිතකම වැඩියිනෙ"

💙"හ්ම්ම්.....මං නාන්න කලින් තමුසෙ කියන්න එපැයි"

💮"කියන්නෙ කොහෙද මං පහළට ගිහින් එන ටිකට ඔයා නාන්න පටන් අරගෙනත් ඉවරනෙ"

💙"හ්ම්...."

💮"මොකද දැන් හ්ම් හ්ම් ගාන්නෙ බස්සෙක් වගේ....මෙතන උදේ පාන්දර සීතල වතුර නාල උණ පිටින්. දැන් ඉන්න මුකුත් නොදන්න බබා වගේ. මං කියන දේ පොඩ්ඩක් ඇහුවම මොනාහරි වෙනවද...ආහ්...."

💙"මියානේ....."

නපුර පොඩි එකෙක් වගේ කට උල් කරන් කියනකොට නම් මගෙ තරහ ඉබේම වාෂ්ප වෙලා ගියා. ඒත් මං ඒක පෙන්වන්නෙ නැතුව තරහ මූණම හදාගෙන හිටිය.

💮"මියානේ කිව්වම සේරම හරියනවද? ඔහොම පණ්ඩිත වැඩ කරල ලෙඩ වුනාම ඔයාටමයි අමාරු. මොකද ඔයාගෙ වේදනාව මට දැනෙන්නෙ නෑනෙ"

💙"ම්ම්....එක පාරක් කිව්වනෙ සමාවෙන්න කියල. ආයෙ එහෙම කරන්නෙ නෑ..ප්‍රොමිස්.."

💮"හ්ම්ම්...."

💙"ඔළුව අත ගාන්නකො..." මගෙ අත අරගෙන එයාගෙ ඔලුව උඩින් තිබ්බම මං ආයෙත් අතගාන්න පටන් ගත්ත.

ටිකකින් එයාට නින්ද ගිය හින්ද ටිකක් එහෙට මෙහෙට වෙලා පහසු ඉරියව්වකට ඉඳගෙන මං කල්පනා කරේ මගෙ නපුරගෙ ජීවිතේ බේරගන්නෙ කොහොමද කියල. එයාගෙ ජීවිතේට මොනාහරි වුනොත් මට ජීවත් වෙන්න නම් බැරි වෙයි.

මට තේරෙන්නෙ නෑ මොකක් කරන්නද කියල. ටේ ඉක්මනට විසඳුමක් හොයාගත්තොත් හොඳයි.

මං එහෙම හිත හිතම නපුරගෙ නළලෙ තිබුන කොණ්ඩෙ අයින් කරල දෙතොල තිබ්බෙ ඇස් වහගෙන. මං එයාගෙන් ඈත් වෙද්දි දැක්කෙ නපුර ඇස් ඇරන් මගෙ දිහා බලන් ඉන්නව.

Mr. Evil Handsome [Sinhala Completed]Where stories live. Discover now