Chapter 23 : New member

70 17 9
                                    

____________________________________

NOTE
ඉස්සෙල්ලා මම අර චුටි බබා ඉපදෙන කෑල්ල ටිකක් පොඩියට ලිව්වේ... දැන් ඒක මම ටිකක් විස්තර කරලා ලියනවා හොදේ 😁....
_____________________________________

- Bin... Yerin කෝ... ඇතුලේ ද ?
- ඔව් min... දැන් ටිකකට කලින් ඇතුලට ගත්තෙ... ඔහොම ටිකක් ඉන්නකෝ එළියෙන් දැන් ඇතුළට ගත්තනේ ඔයා මැද්දෙන් ඇතුලට ගියොත් කරදර වෙයි....
- අනේ මන්දා... එයාට මාව ඕනෙම වෙලාවක මම නැ..
- ඔයා එහෙම හිතන්න එපා min මොකද... Yerin මට කිව්වේ... ලමයා හම්බවෙනකල් ඔයාට කියන්නවත් එපා කියලා... නංගී ගෙ වැඩේ දාලා දුවගෙන එයි කියලා....
- ආෂ්.... මෙයා හරිම හිතුවක්කාර කෙනෙක්....

Min නම් හොඳටම කලබල වෙලා... Song තාම පුදුම වෙලා... එයාගෙ හිත ප්‍රශ්න ගොඩකට මැදි වෙලා එයාට නංගී ගැන හිතන්න ඕන උනත් දැන් එයාගෙ හිත කියන්නේ Yerin ගැනයි තමන්ගේ අය්යා ගැනයි හිතන්න කියලා... මොකද නංගී තාත්තගෙ ගෙදරත් නැ කියන්නේ එයාගෙ වාසනාවකට විතරයි නංගීව මුණගැහෙන්න පුළුවන් කියලා එයා දැනගෙන හිටියා... ඒක නිසා මෙච්චර වෙලා හිතලා හිතලා අන්තිමට එයා ගිහින් min ව බදාගත්තා.. min අනිත් පැත්තට එයාව බදාගත්තු විඳිය ට songට තේරුණා min කොච්චර කලබල උනාද කියලා.... එයට හිතුනා මම මීට කලින් එයාව බදාගත්තා නම් කියලා...

- හරි හරි අය්යේ.... බය වෙන්න දෙයක් නෑ.... අක්කට ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
- ඒත්.. නංගී.. 😔 ම... ම... මට බයයි...
- හරි... මට ඔයාව තේරෙනව... ඒත්...

එතකොටම ඇතුලෙන් පොඩි දරුවෙක් ගෙ ඇඩිල්ල ඇහුනේ... ඒ දරුවා මේ ලෝකෙට ආවා කියලා ලෝකෙටම ඇහෙන්න කිව්වා වගේ... So min ට එයාව කොහොමත් පාලනය කරගන්න බැරි වුණා... දොරත‍් ඇරගෙන ම ඇතුලට ගිය නෙවේ දිව්වා...

( තව පොඩ්ඩෙන් දොර ත‍් කඩනවා 😒)

ඇතුලට යනකොට ම දරුවාව nurse කෙනෙක් අතේ තියාගෙන ඉන්නවා min දැක්ක... ඒත් එයාගෙ ඇස් දෙක ගියේ Yerin දිහාවට... Min දැක්කා දරුවාව උපද්දවන්න Yerin විඳපු දුක.. එයට හිතුනා එයාගෙ අම්මත් මෙහෙම දුකක්ම විඳින්න ඇති නේද කියලා.. ඔක්කොම දුක් දැක්කේ නැති උනත්.. ඒ දැක්ක ටිකෙන් එයා තෙරුන් ගත්තා... Yerin ට සිහි නැති වෙන්න ඔන්න මෙන්න.. එයා ගිහින් Yerin ගෙ අත අල්ලගත්ත... So min ගෙ කදුළු වලට පාලනයක් නැ.... 🤧

THE LOST GIRL [ Completed ]Where stories live. Discover now