➿අවසානය➿

91 30 15
                                    

                 මම ඉන්පසුව අප දෙදෙනාගේ නිදන කාමරය වෙත දිව ගියේ ජෙෆී එහි හෝ සිටිනවාදැයි බැලීමටයි. මදක් විවර කර තිබූ දොරෙන් ඇතුළට අඩිය තබනවාත් සමඟ නෙත ගැටුන දසුනෙන් මගේ දෙකකුල් පවා හිරි වැටී ගියා.

     සැලී සිටියේ ජෙෆ්නිගේ ගෙල දෑතින්ම මිරිකගෙන බිත්තියට තද කරගෙන. ජෙෆ්නි ඇය ගෙන් මිදීමට තැත් කරමින් ඒ මේ අත දඟලමින් සිටියා. සැලී සිටියේ මට පිටුපා නිසා ඈ මාව නුදුටුවත් ජෙෆී මා දැක දෑසින් කඳුළු වගුරවමින් හඬ පිටකරන්න උත්සහා කලත් ඇය අසාර්ථක වුනා.
     
      මා එදෙසට දිව යාමට උත්සහා කලත් මට අඩියක් හෝ සෙලවීමට නොහැකි වුනා. දැනුනේ කකුල් ගල් වී ඇති බවක්. ඒත් සමඟම මා දෙස හැරී බැලූ සැලීගේ වියරු මුහුණ දුටුවම මාගේ සියොලඟම හිරිවැටී ගියාක් මෙන් දැනුනා.

     රක්ත වර්ණ රුධිරයෙන් ඇගේ මුළු මුහුණම වැසි ගොස් තිබුනා. අකීකරුව කඩා හැලෙන කෙහෙරැලි කීපයක් ගලායන රුධිරය හා මුසුව මුහුණට ඇලී තිබුනා. හැඳ සිටි ගවුමේ ද තැනින් තැන තිබූ රුධිර පැල්ලම් ද සමඟ එක්ව පෙනුන දසුන මට ඇතිකලේ සිහිසුන් වන්නට ආසන්න හැඟීමක් .. කොහොමත් රුධිරය දැකීමට මා සිත තුල තිබුනේ බියක්.

    සැලී ජෙෆ්නිව අතහැර කෙටි අඩි තබමින් මා දෙසට පැමිණ මගේ ගෙල එක අතකින් අල්ලා ගත්තා. මා ඇගෙන් මිදීමට උත්සහා කරද්දි ඈ තව තවත් ඒ ඇඟිලි වලින් මගේ ගෙල සිරකලා.

   " මට තමුන්ගෙන් වැඩක් නෑ..මට තමුන්ට කරදර කරන්න ඕන..බාධා කලොත් හුරතලාට වුන දේම වෙයි. මට ඕන අන්න අරකිගෙන් පළිගන්න.. පළිගන්නවා මම..පළිගන්නවා.."

        ගොරෝසු හඬකින් ඈ ගුගුලේ බිත්තියට පිටදී ගෙල අල්ලාගෙන කහිමින් සිටිව ජෙෆ්නිව පෙන්වා. එකවරම මගේ ගෙල අතහැරි සැලී මාව පසුපසට තල්ලු කලේ මා  දොරේ වදින ලෙස. මම කෙලින් වී ජෙෆී අසලට දිව යාමට තැත් කලත් එක්වරම කොහේ සිට හෝ පැමිණි කළු පැහැ ලණු කීපයකින් මගේ දෙකකුල් හා දෑත් බැඳ දැමුනා. සිදුවන කිසිවක් අදහාගන්නට නොහැකිව මා සැලී දෙස බලන ඈ වියරු සිනහවක් නගාගෙන ජෙෆ්නි දෙස බලා සිටිනු පෙනුනා.

      " ම..මම මොකද්ද ඔයාට කරපු වරද..ඔයා..කව්ද... මම හැදුවේ ඔයාට උදව් කරන්නනේ...."

🔯 වියරුව 🔯Where stories live. Discover now