වේලාව මධ්යම රාත්රී දොළහේ හෝරාව යැයි හඟවන පල්ලියේ සීනු නාදය කන වැකෙත්ම මම අඩිය තවත් ඉක්මන් කලේ මා එනතුරු ඈ නොනිදා මග බලා ඉන්න බව දන්නා නිසාවෙනි. අධික කාර්යබහුලත්වය නිසාම සතියකට දින කීපයක් මා මෙසේ ප්රමාද වීම සුලබය. මධ්යම රැය වන තුරු ප්රමාද වුවත්,අළුයම තෙක් ප්රමාද වුවත් මා රුව නෙත ගැටෙන තෙක් ඈ දෑස නොපියවා පෙරමඟ බලා සිටියි.
ඉක්මන් ගමනින් පැමිණි මා මදක් නැවතී හති හැරියේ දණිස් දෙක මත්තේ දෑත් ද තබාගෙනයි. අසෙන නෑසෙන ගානට මා මාගේ කාර් රියටද බැන වැදුනෙමි. එය කාර්මික දෝශයකට ලක් නොවුනා නම් මීට අඩ හෝරාවකට මත්තෙන් මා නිවසට ගොඩවැදී අවසානය. ඒ මදිවාට මේ වේලාවට මේ පාළු පාරේ බස් රියක්වත් ධාවනය වන්නේද නැත. ඒ ඇසිල්ලේ මා සවනත වැකුනේ බල්ලෙකුගේ මූසල උඩු බිරුම් හඬකි. තවත් මොහොතකින් ඌට සහය වීමට තවත් බල්ලන් කිහිප දෙනෙකුම එකතු විය.
හාත් පස විහිදුන ඝණ අන්ධකාරය මකා ලීමට මගේ දුරකථනයේ එළිය ප්රමාණවත් නැත. ඉන් විහිදුන මලානික එලිය මට අඩි කීපයක් ඉදිරි මාර්ගය පමණක් පෙන්වා දුනි. අඳුරට හුරුවී ඇති දෑසින් මා වටපිට බලන විට එකවරම නෙත ගැටුනේ සුසාන භූමියයි. අතරින් පතර පිහිටි දැවැන්ත වෘක්ෂයන් සමඟ මුසුවූ සොහොන් කොත් සමූහයෙන් ඇති කල ගුප්ත දසුන හදවත මදක් සසල නොකලා කිව්වොත් මුසාවකි.හිස දෙපසට වනා, හිතට එන විකාර සිතුවිලි අමතක කර ,ගලාගිය දහඩියත් පිසදා මා නැවත ගමන් ඇරඹූවේ මාගේ බිරිඳ ජෙෆ්නි විසින් මට දුන් කුරුස සලකුණ සහිත ගෙල බැඳි මාලය ගලවා එය වමතේ ඇඟිලි අතර රුවා ගනිමිනි. සුසානය පසු කර මඳ දුරක් ගිය විට මට ඇසුනේ හීන් කෙඳිරිලි හඬක්. හිතට දැනුන තිගැස්මක්ද සමඟින් මම වටපිට බැලුවේ ඒ කොහෙන් නැගෙන්නක් දැයි සොයා ගැනීමටයි.
එවිට මා නෙත ගැටුනේ මාර්ගය අසලම වාගේ පිහිටි විශාල ගහක මුල වාඩිවී එක කකුලකට අතක් තබාගෙන සිටිනා තරුණියක්. ඇයගේ පාදයට තුවාල සිදුවී ඇති බව බැලූ බැල්මටම මට වැටහුනි. නමුත් මා කීප වරක්ම කතා කලත් ඈ පසු පසට ගොස් ගසේ බඳට හේත්තු වී බියෙන් හැකිලුනා මිස වදනක් වත් දෙඩුවේ නැත. දෙගිඩියාවකින් යුතුව මා කල්පනා කලේ ඈව දමා යනවාද,උපකාර කරනවාද කියයි. එවටම මාගේ දුරකතනය නාද වුනා. ඇමතුම ජෙෆ්නිගෙන්.
YOU ARE READING
🔯 වියරුව 🔯
Terrorමුල් කාලේ ලියවුණ කතාවක්. 🚫 මෙහි සියළු අයිතීන් මා සතුවන අතර, අවසරයකින් තොරව කිසිවක්, කුමන හෝ ආකාරයකින් උපුටා ගැනීම හෝ වෙනත් විද්යුත් මාධ්යන්හි නැවත පලකිරීම සපුරා තහනම් වේ. 🚫⚠️️ Tharu Maddegoda 💜️✍️