කාලෙකට පස්සෙ අරින ලද කවුළු තුළින් පැමිණි දීප්තිමත් සිහින් හිරු රැස් කාමරය පුරාම පැතිර ගොස් තිබුණෙ මෙතෙක් කල් විදුලි බුබුළු විසින් ඩැගැගෙන තිබුණ ආලෝකය තම ආධිපත්යයට නතු කර ගන්න ගමන්. තාමත් විනාඩියෙන් විනාඩියට තාලෙකට පැද්දෙන ඔරලෝසුවේ කටුවල ටික් ටික් ශබ්දය හැර කාර්යාල කුටිය තිබ්බෙ දැඩි නිශ්ශබ්දතාවයකින් ගිලගෙන.
අඩහෝරාවකට පමණ පෙර ඇඳ හැලුණු සිහින් වැහිබිඳු තාමත් වීදුරු කවුළු දිගේ ඔහේ ගලන් විත් අරින ලද කවුළු තුළින් ඇතුළට වෑස්සුණේ ජනෙල් තිර මෙන්ම බුමුතුරුණුද දිය බිඳු වලින් නැහැ වෙද්දි. ජනෙල් පඩි මත හෙබි කුඩා ප්රමාණයේ බොන්සායි පැළ මුතු ඇට වන් පිණි බිද්ර වලින් නැහැවී ගොස් තිබුණෙ කාලයකට පසුව බැවින් පැළ වලින් දක්නට ලැබුණෙ නව ප්රාණවත් බවක්.
විටින් විට තදින් පොළව හා ගැටෙන බර සපත්තු අඩි දෙකේ ශබ්දය කාමරය තුළ නිහඬතාව මදකට බිඳලීමට සමත් වුණා කිව්වොත් නිවැරදියි .වෙලාව හරියටම දහයයි විසි අටයි.
හරියටම ටික් ටික් ශබ්ද එකසිය විස්සකට පස්සෙ ඔරලෝසු කටු දෙසට එල්ල වෙලා තිබුණු ඒ දෑස් යොමු වුණේ කාමරයේ දොර දෙසට. විනාඩියක්, දෙකක්, තුනක් නෑ විනාඩි තිහක්ම ඒ දෑස් තිබුණෙ දොර දෙසට යොමු වෙලා. විටින් විට ඔරලෝසුවේ කටු දෙස වරින් වර යොමුවන ඒ දෑස් කියා පෑවෙ දැඩි නොසන්සුන්තාවයකටත් වඩා නොරිස්සුම් සහගත බවක්.
" කොහොමද කොල්ලො... "
ගාල කඩා ගත්ත වස්සෙක් වගේ එක පාරටම කාමරේ ඇතුළට කඩන් පැන්නෙ අවුරුදු විසි අටක පමණ කඩවසම් තරුණයෙක් හති දාගෙන කෑ ගැහුවෙ මේසෙ උඩ තිබුණ වතුර වීදුරුව එක හුස්මට බීලා දාන ගමන්.
" යාහ්... කිම් වූ බින්... තමුසෙට ඇත්තටම මැනර්ස් කියලා ජාතියක් ඇත්තෙම නැද්ද... "
මෙච්චරවෙලා තම සඟයා එනතුරු ඔරලෝසුවෙ කටු කැරකෙන වේගෙ මැන මැන ඉදපු මින්හෝ කෑ ගැහුවෙ ආවේගශීලී පෙනුමක් මූණට ආරූඪ කර ගන්න ගමන්.
" වේ... "
" බලනවා දැන් වෙලාව... මහලොකු පරිසරවේදියා... විනාඩි තිස්තුනක් පරක්කුයි... "
YOU ARE READING
BREATH | LMH ✔
Fanfiction" උඹට ඕක ෆොටෝ එකක් වුණාට ඕක මට ජීවිතේම බන්... " අහිමි ආලයක අහඹු හිමිකම, හුස්ම ❤ 2021/11/03 ✓