වර්තමානය...
වසන්ත, ගිම්හාන, හේමන්ත, සිසිර සෘතු ගණනාවක්ම ගෙවිලා ගිහින් තිබ්බෙ කාලය කියන්නෙ අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා පසක් කරන ගමන්. කලින් මල්වලින් බර වෙලා තිබ්බ ඒ ගස් හිම තට්ටු ගණනාවකින් වැසී ගොසින් අවසන්.
" මොකක්ද බන් මෙතන ඉදන් කරන්නෙ... "
" එයා අපිව දාලා ගිහින් අදට අවුරුදු පහක් බන්... "
" මම දන්නවා... "
" ඇයි බන් එයා කවමදාවකවත් මට ඇත්ත නොකිව්වෙ... "
" දන්නවද සමහර වෙලාවට සමහර දේවල් නොකියා කියනවා බන්... සමහරුන්ට තේරුම් ගන්න බැරි වුණාට... "
" දැන් උඹ මොකක්ද ඔය කියන්නෙ... එයා මට නොකියා ඇත්ත කිව්වා කියලද... "
මින්හෝ ඉදියෙ ලොකු කනස්සල්ලකින්. හැමදාමත් වගේ මින්හොගෙ හිත හදන වූ බින්ට වුණත් කරන්න දෙයක් තිබ්බෙ නෑ. මොකද ඒ දෙන්නටම තියෙන්නෙ එකම වේදනාව.
අද මහන්සි වුණහම වූ බින්ගෙ ඔළුව අත ගාන්න කෙනෙක් නෑ...
මින්හෝගෙ කොණ්ඩෙ අවුස්සලා හිනා වෙන්න කෙනෙක් නෑ...
මින්හා...
යනකොට ගියේ එයාලගෙ සේරම සතුට අරන්...
ලස්සනට හිනා වෙලා ඉදපු කොල්ලො දෙන්නෙක්ව මළ මිනී දෙකක් කරලා...
ඇත්තටම ඒ පුංචි සුරංගනාවිට මොකක්ද වුණේ...
ඒක දන්නෙත් වූබින්ම විතරයි...
" වූ බින් කතා කරපන්... ඇයි උඹවත් මට ඇත්ත නොකිව්වෙ... ඇයි එයා ගැන මට නොකිව්වෙ... එයාට මොකද වුණේ... කෝ එයා "
නොසන්සුන් දැස් දෙකෙන් පෙනුනෙ මින්හෝ මෙච්චර කාලයක් හිතේ තද කරන් ඉදපු ප්රශ්න වලට උත්තර ඕනෙ කියන එක. ඒත් අවාසනාවකට වූ බින් අද නිහඩයි.
" කතා කරපන් බන්... ඇයි උඹ එයාව එක්ක ආවෙ නැත්තෙ... "
" එයා උඹට තාමත් ඒ ගොත කෙල්ල විතරමද... "
" වූ බින්... "
" මට ඒ දවස හොදට මතකයි... අවුරුදු පහකට කලින් එදා උඹ කිව්වෙ මින්හා නිකන්ම නිකන් කෙල්ලෙක් කියලා... අද උඹ කියන්නෙ එයා හොඳම යාළුවා කියලා... ඇත්තටම එහෙමද... "
YOU ARE READING
BREATH | LMH ✔
Fanfiction" උඹට ඕක ෆොටෝ එකක් වුණාට ඕක මට ජීවිතේම බන්... " අහිමි ආලයක අහඹු හිමිකම, හුස්ම ❤ 2021/11/03 ✓