❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජොව් ස'ෂු පැවසූ දෙය තේරුම් ගැනීමට වන් ක'ෂින්ට මදවේලාවක් ගතවිය. ජොව් ස'ෂු ඒ වන විටත් නැඟිට සිරුර සෝදාගැනීම සඳහා නාන කාමරය දෙසට පැකිලෙමින් ඇවිදයමින් සිටියේය.
" විකාර! "
වන් ක'ෂින් කෑගැසුවේය. ඔහු වහාම පුටුවෙන් නැගී සිට ජොව් ස'ෂුගේ මාර්ගය අවහිර කළේය.
" අපිට ඒ කන්දෙම නැවතිලා ඉන්න තිබුණා! "" අයින්වෙන්න "
ජොව් ස'ෂු ඔහු පසුකර යාමට උත්සාහ කළේය. වන් ක'ෂින් ඔහුගේ පසුපස ගොස් උණුවතුර කරාමය විවෘත කර එහි උෂ්ණත්වය සුදුසු ප්‍රමාණයකට පවතීදැයි පරීක්ෂා කරමින් කතා කළේය." ඉක්මනින් හරි පහුවෙලා හරි මොකක්හරි ප්‍රශ්නයක් වෙයි කියලා මං දැනගෙන හිටියා! මම ඒකයි ඔයාට කිව්වෙ අපි එහෙ නැවතිලා ඉන්න ඕනි කියලා! "
පවසන සෑම වචනයක් පාසාම ඔහුගේ කටහඬේ ශබ්දය ක්‍රමයෙන් තීව්‍ර විය." වන් ක'ෂින්! " ජොව් ස'ෂු පැවසුවේ තර්ජනාත්මක අයුරිනි.
" යේ බයි යී පැහැදිලිවම උපදෙස් දුන්නා! "
ජොව් ස'ෂුගේ කතාවෙන් වන් ක'ෂින් කිසිසේත්ම තර්ජනයට ලක්නොවීය." සය මානසික ධ්‍යානවේදයට අනුව වරක් ආකාශවස්තුවක් මනුෂ්‍ය ලෝකයේ දුම හා ගින්න අනුභව කොට පානය කළවිට ඔවුන්ගේ ශක්තිය ක්‍රමයෙන් දුර්වල වනු ඇත. ශරීරය ක්‍රමයෙන් පහත වැටෙනු ඇත. තවදුරටත් ඔවුන්ගේ මිනීපෙට්ටිය අසළ ඔවුන් සමෘද්ධිමත් නොවනු ඇත. "
සෑම වචනයක්ම ඒ ආකාරයෙන්ම අවධාරණය කරමින් ඔහු පැවසුවේය." වන් ක'ෂින්! " ජොව් ස'ෂු සේදීම අවසන් වූ පසු කරාමය වසාදැමීය. "ඔයා අවට ලෝකය දිහා බලන්න. ලෝකය පරිණාමය වෙලා. සේරම වෙනස් වෙලා! "
ඔහු තම දෑතින් වන් ක'ෂින්ගේ මුහුණට ජලය විසිකළේය.
" ඔයාට ඇත්තටම ඕනි මං කුතුහලයෙනුයි, හුදකලාවෙනුයි මිදෙනකම්ම කන්දක් උඩ හිරවෙලා ඉන්නව දකින්නද? අවුරුදු 3ක නිදහස වෙනුවෙන් මං එකවතාවක් මගේ ඇඟට ඇණ 7ක් විදගත්ත බව අමතක කරන්න එපා "" හුදකලාවෙන්? ඔයාට මාව වදයක්ද? "
වන් ක'ෂින් ආයාචනා කරමින් ඇසුවේ, " මාත් එක්ක 'හිරවෙලා' ඉන්න එක ඒ තරම් නරක දෙයක්ද? ඔයාට අවට ලෝකය දකින්න ඕනි නිසා ඔයාගෙ හැමදෙයක්ම පරිත්‍යාග කරලා අන්තිමේදි මාවත් තනිකරලා දාන එක වටිනවද? "
ඔහු එසේ පවසමින්ම ජොව් ස'ෂුගේ අතට තුවායක් ලබාදුන්නේය.
YOU ARE READING
පුනරාවර්තනය 🖤🖤
Fanfictionමෙය word of honor චීන නාට්‍යය අලළා ඉංග්‍රීසි භාෂාවෙන් @faraway wanderer විසින් ලියූ ප්‍රබන්ධයක් වන අතර කතෘ අවසරය සහිතව සිංහල භාෂාවට මා විසින් පරිවර්තනය කරන ලද්දකි. අමරණීය වූ ආත්මීය සගයන් දෙපළකගේ වර්තමාන ලෝකයේ ආදරය වටා ගෙතුණ කතාවකි Original English L...