නිල් පාට ගිනිදැල් මැදින් ඇදී ගිය මාව තවතවත් නිල්පාට ආලෝක කදම්භයක් මැදින් ඇදී ගියේ හිතාගන්නත් බැරි තරම් වේගයකින්. කෙටිකාලයක් ඇතුළත වේගයෙන් ඇදීගිය මා එක්වරම පතිත වූයේ ලස්සන කැලෑවක් මැද්දටයි. වේගයෙන් ආව නිසා ඇඟට දැණුනු තෙහෙට්ටුව නැතිවී එක්වරම ඇඟට ශක්තියක් ලැබුණේ බිම පතිත වනවාත් සමඟයි.
වටේටම තිබූ නිල් පැහැති එළි දැකීම නිසා වටපිටාව පෙනුනේ නිලංකාර වෙලා. ටික වෙලාවක් ඇස් පිහිදාලා වටපිට බලපු මට දකින්නට ලැබුණේ අරුම පුදුම දෙයක් .ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ විලී. ඔහුට ඉතාමත් ලස්සන කඩවසම් පෙනුමක් ලැබී තිබුණා . මාත් එක්ක කලින් හිටපු විලීමද මේ කියල මට හිතුනා . ඔහුගේ ඒ අත් දෙක විශාල මස්පිඬු වලින් පිරිලා රණශූරයෙක් වගේ පෙනුනා . ලස්සනට තිබුන තිබුණ ඇඟ තවත් ලස්සන වෙලා තිබුනේ bodybuilder කෙනෙක් වගේ . වශී වෙලා වගේ මිනිත්තු කිහිපයක් ඔහු දිහා බලන් හිටියත් එක්වරම මගේ ධ්‍යානය කැඩිලා ගියේ මගේ ඇස් ඉස්සරහා ඔහුගේ අත වනපු නිසයි.
"මොනවද බලන්නෙ.."
"නෑ මේ .....මුකුත් නෑ.... විලී බලන්නකො තවුසෙගෙ ඇඟ දිහා ...ආයෙ සුපිරියිනෙ..මොකක්ද මේ එකපාරට වුණේ..."
" මම කීපාරක් කියලා තීද ඔය විලී කියලා මට කියන්න එපා කියලා.. ෂෙමිල් කියලා කියන්න ඔච්චර අමාරුද?"
*** ඇත්තටම මූට එකපාරම මොකක් උනාද? මෙච්චර දවසක් ෂෙමිල් කියලායෑ කිව්වෙ.. මේකාත් නිකන් කාලගුණේ වගේ වෙඅනස් වෙනවානෙ...***
දත් ටිකත් විලීට පේන්න විරිත්තගත්තු මන් " ෂෙමිල් " කියලා බර කරලා කතා කරේ එයා දිහාට අමුතු බැල්මක් දාන ගමන්.
ඔරවලා වගෙ මගේ දිහා බලාගත්තු ඔහු ඉස්සරහට යන්න පටන් ගත්තේ නිකන් ඒ පළාතේ පුරුදුකාරයෙක් වගේ. වෙන් කරන්න දේකුත් නැති නිසා මන් ඔහුගේ පස්සේන් ගියා."මේ ඒක නෙවේ විලී... නෑ ෂෙමිල් ..මේ අපි කොහෙද දැන් යන්නේ.."
"කටවහගෙන මගේ පස්සෙන් එනවා.."
*** අප්පේ ඉතින් මේ කැලෑ පාලුවාගෙ ගණන් බලහන්කෝ.. අපි බලමුකො මටත් අවස්ථාවක් එයිනේ..*** ඔය වගේ විකාර හිත හිත එයාගෙ පස්සෙන්ම මම ගියා. එකපාරටම එයා පිස්සු කියවන්න පටන් ගත්තා.
YOU ARE READING
වියරු
Fantasy~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපි හිතන පතන විදිය හැසිරෙන විදියත් එක වගේ. ඒ වගේ තමයි ඔයාලා අපේ ලෝකෙට ඇතුළු වෙනකො...