ලැබුන ජයග්‍රහණය සමරන්න හිතාගෙන ටේහ්‍යුන් ජින්,ජිමින් බොක්හ්‍යොන් තුන්දෙනාවත් එක්කන් ගියේ ක්ලබ් එකට..
හිටන් ඉන්නවත් පණ නැති වෙනකන් ටේහ්‍යුන් බොන්න ගත්තේ සතුට නිසාදෝ කියන අපහැදිලි ප්‍රශ්නයක් නොකීවට ජින්ගේ හිතෙ නම් මේ වෙනකොටත් ඇති වෙලයි තිබුණෙ..
මේ ඒ ගැන කතා කරන්න සුදුසු වෙලාව නොවුන නිසා ජින් තමන්ගේ ලිමිට් එක තියන් බොන්න ගත්තේ අනිත් ත්‍රිබල බීපුවාම නටන පිස්සුව ගැන දන්න නිසා..
මන් ඇත්තටම ඉන්නෙ සතුටින් නෙමෙයි.. ඔයා දන්නවද මට පොඩිම හරි වේදනාවක් නොදැනුන එක ගැන මං ඉන්නෙ සතුටින් නෙමේ.. මට හිතෙන්නෙම මන් වංචාවක් කලා කියලා... මට හිතෙන්නෙම මන් වෙනුවට වෙන කෙනෙක් විදවනවා කියලා. ටේහ්‍යුන් සුපුරුදු විදිහට තමන්ගේ ඇඩියාව පටන් ගත්තා. ජින්ට නම් මේ කතාව අහලා අහලම එපා වෙලයි තිබුණේ. ඒත් එයා තමන්ගේ ඔලුව ඉහලට පහලට කරන ගමන් ටේහ්‍යුන්ට ඇගෙවුවා. එයා ඉන්නෙ හුගක් උනන්දුවෙන් අහාගෙන කියලා..
පේනවද පේනවද මුන්ට මගේ දුක ගානක්වත් නෑ. ජින් උබ විතරයි මට ඉන්න එකම යාලුවා. තෝ පල ජිමිනා එන්න එපා මහා ලොකු සෝල්මේට් බූරුවා.. ටේහ්‍යුන් නහය උඩට ඇද ඇද කටත් උල් කර කර කියවන දිහා කට ඇරන් බලන් ඉන්න ජිමින්ට ඇගිල්ලකින් අනින ගමන් කියවද්දී ජින් මේක වීඩියො කරන්න ගත්තේ ඇත්තටම හොදකට නම් නෙමෙයි.
තවත් පැයකට ආසන්න වෙලාවක් තමන්ගේ දුක කියපු ටේහ්‍යුන් එහෙමම මේසෙන් ඔලුව ගහාගත්තේ ජින් ඒ දිහා බලලා හොද හුස්මක් පහලට දාද්දී..
එකෙක් ඉවරයි.. දැන් ඉතින් උස්සපන් කෝ.. මටමයි වෙන්නේ. අයියෝ කඩවලේ..😑 ජින් බැන බැනම එක එකාව උස්සන් කාර් එක ලගට ගියා.. මුලින්ම ටේහ්‍යුන්ව ඊට පස්සේ බෙක්හ්‍යුන්ව.
අම්මෝ මුන්ගේ බර පවු මගේ අසරණ කොන්ද.. ජින් ටේබල් එක ලගට ඇවිත් කොන්ද කෙලින් කරගන්න දගලන ගමන් කියවද්දී අකුණක් ගැහුවා වගේ කෙලින් උන ජිමින් වටේම ඇස් යවද්දී ජින් ජිමින්ගේ කරවටේ අතක් දාගත්තා..
අනේ කොල්ලෝ උබවත් කාර් එක ලගට යනකන් විතරක් හරි ඔය ගැම්මෙන්ම යමන් ඈ හාද..🥺 ජින් හරිම ආයාචනාත්මක විදිහට ජිමින්ට කියද්දී ඇස් රෝල් කරපු ජිමින් මගෙ පස්සෙන් එන්න එපා මට යන්න පුලුවන් තනියම කියලා ජින්ගේ අත් තමන්ගේ ඇගෙන් අයින් කරලා වේගෙන් ඉස්සරහට ඇවිදන් ගියේ ජින්ට හිතන්නවත් වෙලාවක් නොදී.
YOU ARE READING
Why Do I Feel Your Pain[TK]
Fanfictaekook Fighter And mafiya leader warning⚠️️ Covered by lchi_jk Start:-2021/09/21