මං කොහොමවත්ම මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ හ්‍යොන්.. ජිමින් හොටෙල් එක පුරා ජන්කුක්ගේ අතින් අල්ලන් ඇවිදින ගමන් කියවන්න ගත්තත් ජන්කුක් මේ වෙනකන් ජිමින් කියපු කිසි දේකට පෙරලා පිලිතුරක් නම් දුන්නෙ නැ..
ඒයි හ්‍යොන් මොන ලෝකෙද ඉන්නෙ..
ජිමින්ගේ ලෝකේ.. ඔන්න ඒ ප්‍රශ්නෙකනම් ජන්කුක් ජිමින්ට ඒ වෙලාවෙම උත්තර දුන්නෙ ජිමින් තක්කලි ගෙඩියක් වගේ රතු වෙද්දී..
එතකොට මෙයාද මගේ මස්සිනා.. පිටිපස්සෙන් ඇහුණ කටහඩත් එක්ක නැවතුන ජිමින් ඒ දිහාට හැරුනේ කතා කරේ තමන්ටද කියලා තේරුම් ගන්න වගේ..
ඔහ් හ්‍යොන්.. ජිමින් මේ මගේ හ්‍යොන් ජියොන් ටේහ්‍යුන්.. ජන්කුක් අමුත්තව පොඩි වෙන තරම් තදින් බදාගෙන කියද්දී ජිමින් ඇස් බෝල කරන් ඒ දිහා බලන් හිටියා..
ඔහ් ඉතින් නාකි හුරතලේ අයින් වෙනවා අයින් වෙනවා අර කොල්ලා බයවෙයි.. තාමත් තමන් දිහා කටත් ඇරන් බලන් ඉන්න ජිමින් දිහා බලලා ටේහ්‍යුන් කියද්දී ටේහ්‍යුන්ගෙ බඩට එකක් ගහලා ටේහ්‍යුන්ගෙන් ඈත් උන ජන්කුක් ජිමින්ගේ කරවටේ අතක් දාගත්තා..
ජිමින් හ්‍යොන්ට ඔයාව අදුන්නලා දෙන්නෙ නැද්ද.. කට ඇරන් තමන්ගෙ හ්‍යොන් දිහා බලන් ඉන්න ජිමින්ගෙන් ජන්කුක් අහද්දී ජිමින්ට එක පාරට කැස්සකුත් ආවේ මෙච්චර වෙලා හිටිය ලෝකෙන් එලියට එන ගමන්..
ඔහ්.. ම්හ්හ්... සොරි හ්‍යොන්.. මං ජිමින් පාර්ක් ජිමින්.. ජිමින් ටේහ්‍යුන්ට හිස නමලා ආචාර කරන ගමන් අතට අත දෙද්දී ටේහ්‍යුන් ලස්සනට හිනාවෙලා ඒ අත අල්ල ගත්තා..
හමුවීම සතුටක් ජිමින්..
මටත් එහෙමයි... ජිමිනුත් පෙරලා පිලිතුරු දෙද්දී ටේහ්‍යුන් ආයෙමත් ජිමින් දිහා බලලා ලස්සනට හිනා උනා..
අහම් අහම්.. විනාඩි ගානක්ම ටේහ්‍යුනුත් ජිමිනුත් ඇස්පිය නොහෙලා එකිනෙකා දිහා බලන් ඉන්නවා දැකපු නිසා ජන්කුක් උගුර පැද්දුවෙ දෙන්නටම පියවි ලෝකෙට එන්න උදවු කරන්න හිතාගෙන මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි කියලයි ජන්කුක් නම් කිවුවේ..
YOU ARE READING
My eviL prIce.✅.🎠♨️🌈️(Complete ) JJK PJM
Short Storyjikook My first jikook fanfiction..🙂👍❤️ Covered by me..😌🗡️