FALL IN LOVE WITH MY BODYGUARD........ PART 1 ( The Fight )

1.1K 169 0
                                    

Jungkook's pov....

මම දුවගෙන coffee shop එක ලගට ආවේ මගේ පස්සෙන් පන්නගෙන එන පිරිමි ළමයින්ගෙන් බේරෙන්න ඕනෙ නිසයි. ඒත් මගේ අවාසනාවට වගේ shop එකේ දොර ලගදී මාව එයාලට කොටු උනා. එතන හිටියේ අපේ college එකේ චණ්ඩියෝ සෙට් එකක්. මගේ පෞද්ගලික දේවල් ගැන දන්නේ teachers ලයි principal යි විතරයි. මේ චණ්ඩියෝ ටික මට සද්දේ දාන්නේ මම කවුද කියලා දන්නේ නැති නිසයි.

මට දැන් දුවන්න තැනකුත් නෑ. Jin මට යන්න එපා කිව්වත් මම තනියම එතනට ගියපු එක තමයි වැරැද්ද... මම කල්පනා සාගරේක ගිලිලා ඉද්දී ඒ කල්පනා සාගරෙන් මම එළියට ආවේ එතන හිටිය එක කොල්ලෙක් මගෙ කම්මුල සීරිලා යන්නම කනට ගහපු නිසයි. ඒ කොල්ලා ගහපු පාරට මම බිම ඇදගෙන වැටුනා.ඒත් එක්කම තව එකෙක් මට ගහන්න පැන්නත් ශක්තිමත් අතක් ඒ මට ගහන්න ආපු අත අඹරලා පිටිපස්සට කරලා ඌවත් බිම වැටෙන්නම කනට ගැහුවේ අනිත් චණ්ඩියෝ ටිකත් බය වෙලා පස්සෙන් පස්සට යද්දියි.

මට ඒ ශක්තිමත් අත කාගෙද කියල අදුරගන්න වැඩි වෙලා ගියේ නෑ. ඒ ජින්...... මම තාමත් හිටියේ බිම ඉදගෙන එතකොට ජින් අරුන් ටිකට හොදටම ගහනවා. මම බිම ඉදගෙන්ම බලාගෙන හිටියේ ජින් ඒ අයත් එක්ක fight කරන විදිහ. ඒක ඇත්තටම බලාගෙන ඉන්න තරම් හොද දෙයක් නොවුනත් මම ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඒත් මම දැකපු දෙයක් නිසා මගේ ඇගේ ලේ රත් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.

මම දැක්කේ ජින් fight කරන ගමන් ඉද්දී පිටිපස්සෙන් එකෙක් පොල්ලක් අරන් ඇවිල්ලා ජින්ට ගහන්න යනවා....

KIM__ARO

FALL IN LOVE WITH MY BODYGUARD🔞 ( Completed )Where stories live. Discover now