HAJIMA [By JLH]

449 89 18
                                    

"හයුන්ග්....ඔයා ආවද??"

"මගෙ හෝසෝකිව බලන්න මම එනවා පැටියෝ මොන වැඩේ තිබුනත්..."

"අනේ හයුන්ග්........දැන්ම යන්න එපා...."

"ඇයි hoseokie ට පාළුද???"

"මෙයාලා මට ඒක එක ඒවා කියනවා..අර ඩොක්ට අංකල් මට කටුවලිනුත් ඇන්නා"

හෝසොක් මූණ නොරොක් කරමින් යුන්ගි දෙසට හරවා කීය.

"අයිගෝ....ගනන් ගන්න එපා අනේ...මගෙ seokie ගොඩක් ශක්තිමත් නේද??? ම්ම්හ්???"

"ඒත් සිදෙනවා😞"

යුන්ගි මද සිනහවක් පා ජනේලය අසලට ගොස් එයින් පිටත බලා සිටින්නට විය.

"හයුන්ග්..."

කාමරයෙන් ඇසුනු කෙදිරිය නිසා නැවත කාමරය දෙසටම හැරුණු යුන්ගි දුටුවේ ශෝකනීය බවින් සහ යම් කිසි බලාපොරොත්තු සහගත බැල්මකින් යුක්ත වූ හෝසොක් ගෙ මුහුණයි.

ඇයි හයුන්ග් එයා එහෙම කරේ? "

මේ යුන්ගිව ගොළු කීරීමට සමත් එකම ප්‍රශ්ණයයි.

" ශ්....මට දැන් පොඩි ගමනක් යන්න තියෙනවා hoseokie මන් ගිහින් එන්නම්. හයුන්ග් එනකන් පරිස්සමින් ඉන්න ම්ම්? "

යුන්ගි එසේ කීයේ ඔහුට තවත් එතන සිටීමට තරම් ශක්තියක් නොමැති බව වැටහුණු පසුවයි.

"ඇයි හයුන්ග් මාව දාලා යන්නෙ. මට මෙතන ඉන්න බෑ හයුන්ග්....."

හෝසෝක් ගේ එකම ඉල්ලීම එය වුවද යුන්ගිට එය ඉෂ්ඨ කීරීමට හැකියාවක් නැත.

"මියානේ හෝසොකී....මියානේ.....මට අදම ඔයාව එක්ක යන්න බෑ පැටියෝ..."

එසේ කී යුන්ගි හෝසොක් ගෙ හිස ආදරයෙන් පිරිමැද නලල සිඹ, එතනින් පිටව ගියේ හිතින් දහස් වාරයක් ඔහුගෙන් සමාව යදිමින්ය.

"හයුන්ග්....යන්න එපා....අනේ....මාවත් එක්ක යන්න.හයුන්ග්..අනේ........"

සෑමදාම පාහේ අදත් ඔහුට අසන්න ලැබුනේ සුපුරුදු විලාපය යි.

යුන්ගිට ඕනෑම දෙයක් ඉවසිය හැකි නමුත් තමුන්ගෙ සහ්රදරයාගෙ මේ විලාපය, වේදනාව ඉවසිය නොහැක.

ඉවසීමට බැරි තැන එතන තිබූ බිත්තියට පයින් ගසා එතනම බිත්තියට වාරු වී බිමින් හිද ගත්තේ ඔහුටත් නොදැනිම කදුළු කැට වැටෙන විටයි.

ℍ𝕒𝕛𝕚𝕞𝕒 [𝕊𝕆ℙ𝔼 𝔽𝔽]♡♡[𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕]Where stories live. Discover now