HAJIMA [By JLH]

336 78 21
                                    

කුඩා කල සිට මව පියා නොමැතිව තමන්ගේ සහෝදරයාවත් බලාගෙන කුඩා රැකියාවක් කර එදා වේල පිරිමහගත් යූන්ගි අද ලෝකයේ පොහොසත්ම ව්‍යාපාරිකයින් පස් දෙනා අතර සිටියි.

යුන්ගි සහ හෝසෝක් කුඩා වියේදීම ඔවුන්ගේ දෙමාපියන් රිය අනතුරකට ලක් වී මිය ගියහ. එදින පටන් කුඩා හෝසෝක්ට මව පියා දෙදෙනාගෙන්ම නොලැබෙන ආදරය උණුසුම යූන්ගි නොඅඩුව දුන්නේය. ඔවුන්ගේ දෙමාපියන් මිය යන විට යූන්ගිට වයස 14ක් වූ අතර හෝසෝක්ට වයස 10ක් විය. හෝසෝක්ටද යුන්ගිගේ ආදරය මහමෙරක් තරම් විය.

ඔවුන් හැදුනේ වැඩුනේ එකටමය. ජීවත් වුණේද එකටමය. යුන්ගි කුඩා රැකියාවක් කර ඔහුට හා ඔහුගේ මල්ලීට  ජීවත්වීමට කුඩා නිවසක් මිලට ගත්තේය. ඔවුන් කලින් කුලියට සිටි නිවසෙහි අතිකාරයන් ඔවුන්ගේ දෙමාපියන් මිය ගිය පසු මේ කුඩා දරුවන් දෙදෙනා මහපාරට දමා නිවස නැවත අයිති කර ගත්හ.

එසේ මහපාරට වැටුණු යූන්ගි හෝසෝක් වත් රැගෙන රැකියාවක් හමුවන තුරුම ඇවිද්දේ ය.මහපාරවල් ගානේ රැකියාවක් ඉල්ලමින් ගියේය.

එක් දිනක් අහම්බෙන් මෙන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ළග  නළු නිළියන්ට සහ එතන සිටි අනෙකුත් කාර්ය මණ්ඩලයට තේ බිස්කට් වැනි දේවල් සැපයීමට කුඩා රැකියාවක් ලැබුණි. නමුත් එයින් ඔහුට දිනකට ලැබුණ සොච්චම් පඩිය එක වේලක් පිරිමහ ගැනීමටත් මදිය.

අවසානයේදී යුන්ගි ඔහු එයින් සොයා ගන්නා පඩියෙන් හෝසොක්ට කෑම අරන් දී තමා බඩගින්නේ සිටීමට තීරණය කලේය. හෝසොක්ටද මේ ආදරය දරාගත නොහැකි වූ විට යූන්ගිට අප්පා යැයි කියන අවස්ථාද නැතුවාම නොවේ.

" අප්පා...ඔයා මට කන්න දුන්නම ඔයා බඩගින්නෙ නේද?"

මේ වාක්‍ය ය ක්ෂනිකයෙන් යුන්ගිගේ දෑස් කදුලින් තෙමෙන්නට සමත් වේ. එවිට 'මට බඩගිනි නෑ පැටියෝ' කියා කීවද යූන්ගි කුසගින්නේ සිට තමන්ගේ මල්ලිගේ කුස පිරවීමට උත්සාහ දරයි.

ඒ සොච්චම් පඩියෙන් ජීවත් වීමට බැරි බව තේරුම් ගත් යූන්ගි නැවත රැකියාවක් සොයන්නට විය. ඉන් දින කීපයකට පසු ඔහුට හෝටලයක පිගන් සේදීමට රැකියාවක් ලැබුණි. එයින් යූන්ගිට යම් කිසි ප්‍රමාණයක පඩියක් ලැබුණි.

ℍ𝕒𝕛𝕚𝕞𝕒 [𝕊𝕆ℙ𝔼 𝔽𝔽]♡♡[𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕]Where stories live. Discover now