I.A.✨️ Episode 05

89 11 16
                                    

°°°°°°°°°°°°°°°°•••I.A•••°°°°°°°°°°°°°°°°°

°_______[ Episode 05]_______°

°°°°°Lee Felix's pov°°°°

✨️ " ඉතින්...ඇත්ලෑන්ටිස් වලට මොකද උනේ? "

⏳ " මුකුත් උන්නෑ...මේ හොඳට තියෙන්නේ " හැම දෙයක්ම විහිලුවට ගන්න දක්ෂ සින්තියා පැන්න ගමන් කිව්වාම මම සින්තියාට විරිත්තුවා.

⏳ " හරි හරි තරහ ගන්නෙපා භූතයො... මුලින් මට කියන්න සාමාන්‍ය මිනිස්සු මොනවද ඇත්ලෑන්ටිස් ගැන දන්නෙ? "සින්තියා හිනාව නවත්තලා මගෙන් ඇහුවාම මම ගූගල් එකේ විකිපීඩියා වල පන දාගෙන හොයපු තොරතුරු මතක් කරගන්න උත්සාහ කළා. ලස්සන ඇත්ලෑන්ටිස් දූපත මගේ ඇස් ඉස්සරහ තියෙද්දි ඕවා මතක් කරගන්න එකනම් ලේසි නෑ...


✨️ " මෙහෙමයි...ප්ලේටෝ කියලා කෙනෙක් තමයි මුලින්ම ඇත්ලෑන්ටිස් ගැන ලෝකෙට කියලා තියෙන්නේ...ඇත්ලෑන්ටිස් වල ඉදලා තියෙන්නේ ඩෙමිගෝඩ්ස්ලා* වගේ අයලු...ලොකු දියුණු තාක්ෂණයක් තිබ්බත් ඇති උනු සුනාමියකින් ඇත්ලෑන්ටිස් මුහුදට ගිලිලා ගිහිල්ලා තියෙනවා " මම ටික ටික මතක් උනු දේවල් සින්තියාට විස්තර කරා.ඔච්චරයි ඉතින් හැම තැනම තියෙන්නෙ.


⏳ " ඔහ්..එහෙනම් අහගන්න ඇත්ලෑන්ටිස්වල ඇත්ත විස්තරය " සින්තියා ලොකු හුස්මක් ගත්තා.


⏳ " දැනට අවුරුදු දහදාහකට විතර කලින් මේ පෘථිවිය ඉස්කිරෝස්ලගෙන් පිරිලා තිබ්බා...මිනිස්සුයි ඉස්කිරෝස්ලයි සහයෝගයෙන් කටයුතු කරා, මම හිතන්නෙ ගොඩක් වෙලාවලට එහෙමයි? ඒත් ටික ටික මිනිස්සු වෙනස් වෙන්න පටන් ගත්තා සමහර මිනිස්සු ඉස්කිරෝස්ලට බයවුණා...තවත් සමහරු ඉස්කිරෝස්ලගේ නෝතා බලයෙන් එක එක නරක වැඩ කරවගන්න උත්සාහ කරා. ඉස්කිරෝස්ලව වහල්ලු කරන් , තමන්‍ට ණය කාරයො කරන්  , බ්ලැක්මේල් කරන් මිනිස්සු වැඩගත්තා. එහෙමත් දෙනෙක් විතරයි ඉස්කිරෝස්ලට හොඳින් සැලකුවේ.

ඔන්න ඔය කාලෙ ඉස්කිරෝස්ලා කවුන්සිලයක් හදාගත්තා. කවුන්සිලට උසස් වැදගත් ඉස්කිරෝස්ලා දොලොස්දෙනෙක් පත් උනා. ඒ අයගෙ උපදෙස් මත ඉස්කිරෝස්ලා ඊළඟට වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් අපේ මුතුන්මිත්තො ඇත්ලෑන්ටිස් නමින් දිවයිනක් තමන්ටම කියලා වෙන් කරගත්තා. ඒ දිවයින මුල් කරගෙන ඇත්ලෑන්ටිස් වැසියන් විදිහට අපි දියුණු වෙන්න ගත්තා.

Kpop Short Fan Fictions ( onhold)Where stories live. Discover now