Part 1
"මරන්න ඕනි මූවද..?"
දකුනු අතේ ඇගිලි අතර තිබුනු ලේ පාරවල් ඇරුනු ටැප් එකෙන් පහලට වැක්කෙරෙන වතුරට අල්ලගෙන හිටපු මන් වම් අතේ තිබුනු රූපේ දිහාවට ඇස් යොමු කරන් ඇහුවම මට එහා පැත්තේ හිටපු පිරිමි කෙනා ඔලුව වැනුවෙ..
-"දේ..මූ තමයි මිනිහා.."
-"කොහොමද වැඩේ වෙන්න ඕනි..."
-"එකපාරින් වැඩේ ක්ලෝස් වෙන්න ඕනි.."
-"වේ..?උබ හිතුවද මන් බාරදුන්නු වැඩක් දෙපාරකට කරන එකෙක් කියලා.."
සාක්කුවෙන් එලියට ගත්තු ලේන්සුව අත වටේ ඔතලා පැත්තකින් ගැටගහපු මන් ගැටේ පැත්තකින් කටට තියලා අල්ලන් ඇදලා ලග හිටපු මිනිහා ලගට ගියා..මට තියෙන බයටම ඌ බිම බලාගෙන..
-"කොහේ එකෙක්ද...?"
-"සෝල් වලමයි..කොලේජ් යන එකෙක්."
-"පොඩි එකෙක්.."
කට කොනෙන් හිනාවක් දාපු මන් ආපහු පින්තුරේ දිහ බැලුවෙ..බැලූ බැල්මට ඒකා කොලේජ් යන පොඩි එකෙක් කියලනම් පේන්නැ හැබැයි..
-"වැඩේ වුනා කියලා හිතාගන්නවා..මූ ගැන ඩීටේල්ස් සේරම මට මේල් කරනවා..ඉතුරුවා මන් බලාගන්නම්.."
අතේ තිබුනු ෆොටෝ එක සාක්කුවට දාගන්න ගමන් සාක්කුවෙන් සිගරට් එකක් එලියට ගත්තු මන් ඒක කට අස්සට දාගෙන අනිත් සාක්කුවට අත දැම්මේ ලයිටරේ හොයාගන්න..
-"ඒත් සාජා..පොඩි ප්‍රශ්නයක් තියෙනවා.."
මිනිහා කියද්දි ලයිටර් එක කටේ තිබුනු සිගරට් එකට තියලා පත්තු කරගෙනම මන් ඇස් දෙක උගේ පැත්තට හැරෙව්වා..
-"මූව එලියෙදි තනියම කොටු කරගන්නන ටිකක් අමාරුයි.."
ඔලුව දෙපැත්තට ගසලා දාලා සිගරට් එක දකුනු අතේ ඇගිලි දෙකක් අතරට හිරකරගත්තු මන්,
-"මාත් එක්ක විහිලු කරනවද මිනිහෝ..උබ කියන්නේ මේකව මරන්න මන් කොලේජ් එහෙකට යන්න ඕනි කියලද..?"
-"දවස් දෙක තුනකට විතරක්..සේරම දේවල් අපි රෙඩි කලා..තියෙන්නේ කොලේජ් එකට ගිහින් වැඩේ ඉවර කරන්න විතරයි.."
YOU ARE READING
CIGARETTE || MYG || (COMPLETED)
Short Storyතමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..