පළවෙනි සිතුවම.......

951 117 72
                                    

💜️💜️  මම ගැන.......💜️💜️

" උඹ මේ මලගෙදර යන්න එන එක නං මට හෙන ප්‍රෙහෙලිකාවක් බච්චියේ....."

ඔන්න ඉතින් අම්මා පුරුදු රේඩියෝ එක දාගත්තා... චන්දරේ මාමලාගෙ කුඹුරෙන් පැනලා දෙනියෙ පාරට ගොඩවෙන්න ලේසි උනාට මේ ඉලුක් කකුලෙ ගෑවෙන එක තමයි දිරවන්නෙ නැත්තෙ...

" මහ පාරෙන් යමු කියද්දි බැස්සනේ කුඹුරට ... එපාවෙනවා දැං ඉතින් ඉලුක් වලට කසන්න ගත්තහම..."

එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුව මම කංකෙදිරි ගාන්න ගත්තා.

" කටවහගෙන වරෙං බච්චී ...උඹ නිකං නගරෙ මැඩම් කෙනෙක් වගේනෙ ..."

අපේ අම්මා ඉතින් කටට ආවට කියෙව්වට ඒකෙ තේරුම නොදන්නවා නෙවෙයිනේ.... එයා ඉතින් ඔහොම තමයි .. ඉතින් අර අම්මා මුලින් අහපු ප්‍රශ්නෙට නං මගෙ ගාව හොද උත්තරයක් තියෙනවා  ... වෙනදට කාමරෙන් එළියට ගන්න බැරි මම අද කැමැත්තෙන් ම ලෑස්තිවෙලා මේ යන්නෙ නුගේ ගෙදර මාටිං මාමගෙ මලගෙදර .... මට ඕනෙවෙලා තියෙන්නෙ මාටිං මාමගෙ දරු පස්දෙනා පොලොවෙ පස් කකා අඩන විදිහ බලන්න.. මොකද ඔය අන්තිම දවසෙත් හාට් ඇටෑක් ඇවිල්ලා හන්දියේ චන්දන අයියගෙ තේකඩේ ඉස්සරහා මැරිලා වැටෙනකල්ම ඔය මනුස්සයා කරේ වී ලොරි වල ගිහින් මුට්ට කරගහපු එක... මහ ලොකු රස්සා කරන දරුවො හිටියට නිකමට ඒ මනුස්සයා ගැන හෙව්වෙ බැලුවෙ නෑ.... ඉතින් කාමරේ අස්සට වෙලාTU bts බල බල ඉදලම  හරියන්නෑනේ... රටේ ලෝකෙ දේවලුත් දැනගන්න ඕනෙ නිසයි මේ තකහනියක්ම අම්මට ජොයින් උනේ.

" ඒ.... දිමා....."

මලගෙදර වැට මායිමට එනකොට පුරුදු කටහඩක් ඇහිලා බැලුවා ... ආ  .. පන්තියේ කොල්ලෙක්....

" අඩෝ.... ඇඹුලා....".

මට අපේ තැන්පත්  සිල්වත් මෑණියන් ලඟ කියලත් අමතකවුනා කොල්ලව දැක්කම... අපේ බාෂවෙන් කියනවනම් ඉතින් මූ බුදු ෆිට් එකක්  .. ඉස්කෝලෙ නෙවෙයි මොකද මම ගියේ බාලිකාවකටනේ ... මූ අපේ දහම්පාසලෙයි ක්ලාස් වලයි ගජයෙක්...

" බච්චී ... මොනවද ඔය කතාකරන විදිහ ... යමංකො ගෙදර...."

අම්මා වටපිට බලලා මටත් රවාගෙන ඉස්සර උනේ හරියට මේකි මගෙ කවුරුත් නෙවෙයි කියන්න වගේ.... ඒකත් හොදයි.. ඇඹුලා හම්බුනෙත් මාස ගානකින්... පොඩි චැට් එකක් දාලම ඇතුලට යනවා... මොකද දෙවනි පාරත් එග්සෑම් කරලා ගේ අස්සට වෙලා ඉන්න මට ඉතින් යාලුවො මුණගැහෙන්නෙ කලාතුරකින් නේ...

💃💃  බච්චී.....💃💃💃  ( Romance ongoing )Where stories live. Discover now