මං කොරියාවට ඇවිල්ලා AIRPOAT එකේ ඉදලා ටැක්සි එකකින් ජිමින්ගෙ ගෙදරට එද්දි වෙලාව 11.00 විතර ඇති.මං ගේ ඇතුලට යන්න කලින් දොර ලගට වෙලා හිටියෙ හිතේ තිබ්බ දෙගිඩියාව හිංදා.දොරට තට්ටු කරද්දි දොර ඇරියෙ ජුලියා.
"මිස් එහෙනම් මිස් ආවා....මං සර්ව එක්කන් එන්නද?
"න්...නෑ ම..මං එයා ලගට යන්නම්"
"හරි මිස්"
මං එද්දි ජිමින් හිටියෙ living room එකේ මගෙ අතේ තිබ්බ
බෑග් එක පැත්තිකින් දාලා ගිහින් එයාව බදා ගෙන අඩන්න ගත්තා.ජිමින් මාව එයාගෙ පපුවට තුරුලු කර ගත්තා."මට .....මට සමාවෙන්න ජිමින්......මං හිංදයි ඔයාට මේ ඔක්කොම මට සමාවෙන්න"
මං අඩඅඩ කිව්වා.
"නෑ මැණික ඒවා ඔක්කොම මගෙ වැරදි.ඒවා ඔයාට පවර ගන්න එපා.ඔක්කොම කරේ මං.මට දෙපාරක් ඒ ගැන එදා හිතන්න තිබ්බා."
ජිමින් මගෙ කදුලු පිහදාන ගමන් කිව්වා.
"හරි...අද ඉදලා මං ඔයාව බලාගන්නවා..මට පොරොන්දු වෙන්න ආයෙ මේ වගෙ වැඩ කර ගන්නෙ නෑ කියලා."
"හොදයි...මං පොරොන්දු වෙනවා"
දින,සති,මාස ගෙවිලා ගියා.එයාගෙ කකුලත් හොද උනා.දැං එයා wheelchair එකෙන් බැහැල ඇවිදින්න පුලුවන්.ඒත් එක දවසක් මහ පුදුම දෙයක් උනා.
ඔන් මෙතන ඉදං.තමා පටා.....න් ගන්නෙ.මට නොබනිනු මැනවි😁
මං එදා නිදං හිටියෙ නිදං හිටියා.කිව්වට යාන්තං ඇහැ පියවීගෙන ආවේ.එතකොටම කව්ද මාව බදාගන්නවා වගෙ දැනුනා.මං බෙල්ල හරවලා බැලුවා.මොකක් ජිමිනා...එයා
"ජි...ජිමින් මොක...මොකද මේ"
"නිදා ගන්න අනේ මට නිදි මතයි"