නිවසට වී දින කිහිපයක් විවේක ගත් හීසන්ග් කොලේජ් යාමට පිටත් වුණේ මවගේ දැඩි අවවාද මධ්යයේ. හිසේ තුවාලය තවමත් සම්පූර්ණයෙන් ම සුව වී නැති නිසා මවට වුවමනා වුණේ හීසන්ග්ව තව ටික දිනක් නිවසේ රඳවා ගැනීමට. එවුවත් එක දිගටම නිවසේ අලසකමින් කල් හැරීම හීසන්ග්ට මේ වෙද්දිත් එපා වී තිබුණු නිසා ඇය හීසන්ග්ට කොලේජ් යාමට අවසර දුන්නා.
හීසන්ග්ට අහිමි වුණු මාස කීපයක මතකය ඔහුගේ ජීවිතයට ලොකු අඩුවක් නොවන බව වටහා දීමට ගෙවුණු දින කීපයේදී ම ඔහුගේ මව උත්සාහ කළා.
එහෙත් ඇය දැන සිටියා නම් ඔහුගේ ජීවිතයේ සුන්දරම මතකයන් රැසක් එතුළ ගැබ් වී තිබුණු බව.......
සුපුරුදු පරිදි පයින් ම කොලේජයට ගිය හීසන්ග් අතරමඟදී කඩයකට ගොඩ වැදුණේ ඔහුගේ ප්රියතම බබල්ගම් මිලදී ගැන්මට.
දෝත පිරෙන්නම බබල්ගම් මිලට ගත් ඔහු වෙළඳසැලෙන් පිටතට ආවා. ඒ සමගම අහම්බෙන් වගේ ඔහුගේ නෙත ගැටුණේ වෙළඳසැල තුලින් පිටතට එන තරුණියක් සහ තරුණයෙක්ව.
හීසන්ග් පුදුම වුණා මොහොතකට. ඔවුන්ගේ ඇස් ද රතු පැහැතියි. පෙරදී රෝහල අසළ දුටු පුද්ගලයාගේ මෙන්ම.
හීසන්ග් ඔවුන් පසුපස ගියත් ඔහු ප්රමාදයි. යතුරුපැදියකට නැගි ඔවුන් දෙදෙනා ඒ වෙද්දිත් එතනින් ගොස් හමාරයි.
-"ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම කැමති කෙනාට මේක දෙන්න. එයාගෙ වගේම ඔයාගෙත් දවසම ලස්සන වෙයි."
කොහෙන්දෝ පැමිණි මල් විකුණන මැදිවියේ කාන්තාවක් හීසන්ග් දෙසට රෝස මලක් දිගු කරමින් පැවසුවා. හීසන්ග් සිය අත ඉතිරිව තිබුණු නෝට්ටුවක් ඇගේ අත තබා ඒ මල සියතට ගත්තා. ඔහු සිටියේ පියවි ලොව නොවෙයි. ඔහු බිය වුණා තමන්ට මානසික රෝගයක් දැයි.
ඔහු ඉදිරියට ඇවිද ගියේ රෝස මල බෑගය තුළට දමමින්. එවිට එහි ආවරණයෙන් ගිලිහුණු කාඩ්පතක් බිම පතිත වුණා. හීසන්ග් එය අතට ගත්තේ කුතුහලයෙන්.
"ඇස්වල රහස දැනගන්න කැමතිද? අද හවස 4ට හේජන්ග් උද්යානයට එන්න."
එහි සටහන් වුණු දෙය කියවූ හීසන්ග් වටපිට බැලුවේ මල් විකුණන කාන්තාව සොයා ගැනීමට. ඒ වුණත් ඒ වන විට ඇය එතනින් අතුරුදහන් වී තිබුණා.
සිතුවිල්ලේම කොලේජයට පැමිණි ඔහු පන්ති කාමරය වෙත යාමට පෙර කොලේජයේ වූ රතු පයින් ගස අසළට ගියා. අහේතුකව වුණත් ඔහුට සිත් වුණා ඒ වෙත යන්නට.
වැඩි දෙනෙක් නොගැවසුණු රතු පයින් ගස අසළ බංකුවකින් ඔහු වාඩි වුණා.
-"මොනවද මට මේ පේන්නෙ? ඇයි එයාලගෙ ඇස් රතු පාට? නැත්තං ඒක පේන්නෙ මට විතරද?"
මෙතෙකැයි කිව නොහැකි ගැටලු සමූහයක් ඔහුගේ සිත වෙලා ගත්තා. ඒ කිසිවකට ඔහු පිළිතුරු නොදැන උන්නා. එහෙත් ඔහුට සිතුණේ මල් විකුණන මැදිවියේ කාන්තාව ඒ ගැන කිසිවක් දන්නා බව.
-"Excuse me. මගෙ බෑග් එක ඔතන."
ඇසුණු කටහඬත් සමඟ ඔහු දැහැනින් මිදුණා.
-ඔහ් හීසන්ග්. ඔයා මෙහෙ?"
පැමිණ සිටියේ යූහි. රෝහලේදී තමාට සිහිය ලැබෙද්දී ඔහු හමුවට ආ යූහි......මව කියූ පරිදි ඔහුගේ මිතුරිය යුහි.
-"ඔයාට මාව මතකද?"
හීසන්ගෙන් පිළිතුරක් නොමැති තැන ඇය නැවතත් කතා කළේ බංකුවේ පසෙකින් වාඩි වෙමින්.
-"මට මතකයක් නම් නෑ. ඒත් අම්මා කිව්වා ඔයා මගෙ හොඳම යාළුවා කියල. මට ඔයාව අමතක වුනාට ඔයාට මාව මතකයිනෙ. ඉතින් අපිට පුලුවන් ආයෙමත් පටන් ගන්න......නේද ?"
-"ඔව්....අපිට පුලුවන් ආයෙමත් පටන් ගන්න."
ඇය පැවසුවේ දෑසට ඉනූ කඳුළු සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක නියැලෙමින්.
-"ආ මේක ඔයා ගන්න. අද උදේ ගත්තෙ මං."
මගදී බෑගයට දමා ගත් රෝස මල ඔහු යූහි වෙත දිගු කළා.
"අපි අලුතෙන් පටන් ගමු. යාලුවො විදියටම."
ඇය සිහින් හඬින් තමාටම මුමුණා ගත් දෙය ඔහුට නෑසුණා.
So many nights, my tears fell harder than rain
Scared I would take my broken heart to the grave
I'd rather die than have to live in a storm like before
But goddamn, you got me in love again✍Choco Bee
YOU ARE READING
Love Again [Completed]
Fanfictionහැඟීම් ඝාතනයට කිසිවෙකු අසමත් ය. එය කවදා සිදු වුණි ද කොහේ දී සිදු වුණි ද කෙසේ සිදු වුණි ද යන්න අදාළ නොවේ. ඊට සුදුසුම කල්හි සුදුසුම තැන්හි සුදුසුම අයුරින් අලු යට දැමූ ගිනි පුපුරු මෙන් ඒවා එළි බසිනු ඇති. Start :- 15.10.2021 End :- 23.10.2021 ✍Choco...