Next Day
අද නම් වෙලාවටම වගේ office එකට යා ගන්න පුලුවන් වුනා.. මම Soo Yan ටත් good morning කියාගෙන කෙලින්ම ඇවිත් වැඩ පටන් ගත්තා...
අද නම් කොහොම හරි 7 වෙද්දි වැඩ ඉවර කරනවා... Sunday තමයි එහෙම වුනොත් අම්මා බලන්න යන්න වෙන්නේ...
Lunch time එක එනකොට මට වැඩ වලින් බාගයක්ම වගේ ඉවර කරගන්න පුලුවන් වුනා... හැබැයි මගෙ අත් දෙකයි ඇස් දෙකයි නම් සනීපෙන් නෙවෙයි හිටියේ...
දෙවියනේ... මේ සතිය ඉවර වෙද්දි මාව මැරිලා තියෙයිද දන්නෑ...
කාලා ඉවර වෙලා මම කෙලින්ම ආපහු වැඩට බැස්සා... මටම පුදුමයි අද මම 6 වෙද්දි සේරම වැඩ ටික ඉවර කර ගත්තා... Soo Yan හිටියා අද මගෙ වැඩ ඉවර වෙනකල්...
"අනේ thanks කෙල්ලේ හිටියට.."
"ඕක මොකක්ද අනේ... අපි දෙන්නා හොඳ යාලුවොනෙ දැන්.."
ඔය විදියට සතියක්ම ගෙවිලා ගියා... මම සේරම වැඩ ටික කොහොම හරි ඉවර කර ගත්තා... හැබැයි මම හිටියෙ ඇවිදින මලමිනියක් වගේ... සමහර දවස්වලට මට කන්න බොන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ...
අලුත් දවසක්
"Good morning කෙල්ලේ"
"Good morning Soo Yan"
"අද boss එන දවස"
"ඒක තමයි මම අද ටිකක් කලින් ආවෙ... සර් එනකොට ලෑස්ති වෙලා ඉන්න එපැයි... එයා මගෙ වැඩ වලට කැමති වුනොත් හොඳයි"
"Don't worry.. එයා ඔයාට කැමති වෙයි අනිවාරෙන්ම... ඔයා ගොඩක් මහන්සි වුනානෙ"
"Thanks... මම එහෙනම් උඩට යනවා කෙල්ලේ... bye... lunch time එකට හම්බ වෙමු"
මම table එක පිලිවෙලට අස් කරලා කරපු වැඩ ගොඩත් පැත්තකින් ගොඩ ගහලා බලන් හිටියා
ඇහුන විදියට නම් මෑන් හැන්ඩියෙක්... හැබැයි තරහා ගියාම යකෙක් වගේලු... බලමුකෝ... පාරාවෝකාරයා...
No but seriously... මට දැනුනෙ නිකන් හත් අට දෙනෙක් එකතු වෙලා මට හොඳ කෑමක් දීලා ගියා වගේ... මුලු ඇඟම කැක්කුමයි...
ඕවා හිත හිත ඉද්දි බොසා ඇතුලට ආවා
Wth!!! මෙයා මොනාද මෙතන කරන්නේ?
YOU ARE READING
My Demon
FanfictionAn innocent girl falls in love with her cold boss. Will they make it till the end.