ඕතරීගෙ POV එක
දෙන්නා ගිහින් restaurant එකෙන් ඉඳගත්තා. Jk වාඩි වුන වෙලාවෙ ඉඳන් phone එකේ මොනාදෝ කර කර හිටියා. නේහත් ඉතින් jk දිහා කටත් බලාගෙන උන්නා.
ටිකකින් waiter කෙනෙක් ආවාම jk දෙන්නටම කෑම order කලා
"Thank you sir"
"Thank you කියන්න ඕනෙ නෑ... මේ වෙලාවෙ අපි යාලුවො දෙන්නෙක් කියලා හිතන්න"
"හරි සර්"
"යාලුවන්ට සර් කියනවද ඔයා? ඔල්මාද බඩුවක්නේ... මොන භාෂාවෙන් කියන්නද මන්දා මෙයාට", jk හිනා වෙවී කිව්වා
"සොරි", නේහා ඔලුව බිමට පාත් කරගෙන කිව්වා
"ඔයා කැමති නැද්ද කෙල්ලේ මාව ඔයාගෙ යාළුවෙක් කර ගන්න"
"ක්... කැමතියි සර්"
"ඔය ඉතින්... ආයෙ සර්ලු... ආයෙ office එකෙන් එලියෙදි සර් කිව්වොත් දෙනවා දෙකක්"
"එතකොට මොකක්ද මම කියන්න ඕනෙ?"
"ඔයා කැමති නමක් කියන්න"
"කුකී කියන්නද?", නේහා පොඩි හිනාවක් දාගෙන ඇහුවා
"ආ... ඒක හොඳ නම"
"ඉතින් කුකී... අපි මේ කොහෙද යන්නේ? යාළුවෙක් හින්ද මට ප්‍රශ්න අහන්න පුලුවන්නෙ?"
"ඒක පොඩි රහසක්... ගියාමම බලන්නකෝ", jk හිනා වෙන ගමන් කිව්වා
"හ්ම් හ්ම්"
ටිකකින් කෑම එක හම්බ වුනා...
"ඉක්මනට කන්න... වැඩ ගොඩක් කර ගන්න තියනවා... ආපහු office එකට යන්නත් තියනවා..."
"හරි කුකියෝ"
.
.
.
.කාලා ඉවර වෙලා දෙන්නා ආපහු ඇවිත් car එකට නැග්ගා
"ඉතින් කියන්නකො ඔයා ගැන ටිකක්..."
"මම ගැන කියන්න එහෙම වැඩි දෙයක් නෑ අනේ... කුකී කියන්න කුකී ගැන"
"මම ගැනත් කියන්න එහෙම වැඩි දෙයක් නෑ"
"හ්ම්ම්... මේ බලන්නකෝ අනේ... වෙලාව එකොලහයි.. එච්චර වෙලා ගිහින්ද?"
"ඔව් ඉතින්... වෙලාව යනවා තමයි"
"ඒක නෙවෙයි.. ඔයා ඇයි එදා මට උදව් කලේ"
"නිකන් ඉතින්... කරන්න හිතුනා"
"හ්ම්ම්"
"ඔයා මමත් එක්ක කතා කරන්න වැඩිය කැමති නෑ වගේ... මම කට වහගන්නද?"
"අනේ එහෙම් එකක් නෑ කෙල්ලේ... ඇත්තම කියනවා නම් මට යාලුවො ඉඳලා නෑ... ඒ හින්දා මට කතා කරලා හුරු නෑ මෙහෙම..."
"එහෙමත් එකක්ද... හා හා... ටික කාලෙකින් හුරු වෙන්නකො එහෙනම්... මට කට වහගෙන ඉන්න් එක හුරු නෑ... කොයි වෙලෙත් කියවනවා"
"ඒක නම් මටත් තේරුනා හැබැයි"
Jk car එක ඇඳුම් කඩේක car park එකකට දැම්මා
"ඇයි මෙතනට ආවෙ?"
"යමුකො ඇතුලට... පොඩි වැඩක් තියනවා"
"හ්ම්ම්"
Jk නේහගෙ අතින් අල්ලගෙන ඇතුලට එක්කගෙන ගියා
එයා කෙලින්ම ගියේ office suits තියන පැත්තට
"ඔය ටික fit on කරලා බලමු" jk කලු පාට tight skirt දෙකකුයි, trousers දෙකකුයි, white silk shirt 4 කුයි black කෝට් 3 කුයි නේහගෙ අතට දෙන ගමන් කිව්වා
"ඒ ඇයි කුකී?", නේහා ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා
"පණ්ඩිත නොවී කියපු දේ කරන්නකෝ"
"හ්ම්ම්"
නේහා එකින් එක try කරලා බලලා කුකීට පෙන්නුවා...
"ශා... නියමෙට තියනවා...", jk ඇඳුම් ටික අතට ගන්න ගමන් කිව්වා...
Bill එක pay කරලා දෙන්නා ඇවිත් car එකට නැග්ගා
නේහගෙ සද්දයක්වත් නෑ
"මොකද කතා පෙට්ටිය වැහිලා?"
"ආ... නෑ... මේ... අර ඇඳුම්.... කාටද?"
"මගෙ යාලුවෙක්ට"
"ඔයාට යාලුවො නෑ කිව්වනෙ?"
"එක්කෙනෙක් ඉන්නවා හැබැයි... එයත් ඔයාගෙ size ම වගේ"
"ම්ම්.. එහෙමද... හරි හරි"
ඊලඟට jk car එක supermarket එකකට හැරෙව්වා
"කෙල්ලේ... මම ගෙවල්වලට ඕන කරන බඩු ගැන වැඩිය දන්නෙ නෑ... මට ගෙදරකට සාමාන්‍ය ඕන වෙන කෑම ජාති ඒවා මේවා ටිකක් තෝරලා දෙනවද?"
"ඔයාටද?"
"නෑ... අර යාලුවට..."
"ඕ... හා හා"
~~~~~~~~~~~~~~~~~~~~~~
කතාවට කැමති අය vote එකක් දාගෙන යන්න. ඔයාලගෙ අදහස් comment කරන්න. කතාව ලස්සන නම් යාලුවන්ටත් බලන්න share කරන්න.
කට්ටියම පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමෝටම. Byeeee
❤️❤️❤️❤️❤️❤️❤️

YOU ARE READING
My Demon
FanficAn innocent girl falls in love with her cold boss. Will they make it till the end.