(5)

501 148 2
                                    


එදා මට ප්‍රෙහේලිකාවක් ලබා දී ඔහු නිහඬ විය.පසුව මම දැනගත්තේ ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරික Jeon Jungkook බවත් සහ ඔහුගේ පළමු ආදරය මෙලොව හැරගොස් ඇති බවත් ය.

ඔහුට ද කුඩා කල සිටම තම දෙමව්පියන්ගේ ආදරය ලබාගැනීමට නොහැකි වී ඇත. ඒ තම දෙමාපියන්ගේ කර්‍යබහුල ජීවිත නිසා.

දිනක් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙමින් කෙනෙක් තම ජීවිතයට පැමිණෙන්නේ ඉටිපන්දමට දැල්ලක් ලැබෙනවාක් මෙනි.එම පුදගලයාගෙන් ඔහු මෙතරම් කාලයක් සෙවූ ආදරය ලැබුනි.

ඔවුන් දැල්ලක් සහිත ඉටිපන්දම මෙන් සතුටින් ජීවත්වන විට නොසිතූ ලෙසට හමා ආ සුලගේ වේගය නිසා ඉටිපන්දම් දැල්ල නිවී යනවා සේ එකවරම සිදු වූ අනතුරක් හේතුවෙන් තමාට තිබූ එකම ආදරය ඔහුව මෙලොව තනිකර හැරදමා ගොස් ඇත.

දැල්වමින් තිබෙන ඉටිපන්දමක් එකවර නිවී යන්නා සේ ඔහු සතුටින් ගත කළ ජීවිතයත් අන්ධකාරයට ඇද දමා එම පුද්ගලයා අතුරුදහන් වුනා.

මම එදා තේරුම් ගත්තේ දුප්පත් පොහොසත්, අගහිගකම්, සැපසම්පත්,කුල භේද, ආදී මේ සියල්ලම කෙනෙක්ගේ හැගීම්වලට බලනොපාන බවයි. ආදරයට පුලුවන් කෙනෙක් ජීවත් කරවන්න.අලුත් බලාපොරොත්තු දෙන්න.ඒක මං හොදින්ම දැක්කේ යූන්මින් ආදරය තුළින්.

මම එදා තේරුම් ගත්තා ආදරය කෙනෙක් ජීවත් කරවනවා මෙන්ම ඒ ආදරය නිසාම කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන්නත් පුලුවන් බව.

කෙනෙක්ගෙන් වෙන්වීමෙන් ලැබෙන වේදනාවටත් සුදුසු ඖෂධය ආදරයමයි කියා තේරුම් ගත් මා එම Mr.Jungkook හට පැවසුවේ..........


"ඔයා ඔයාගේ ජීවිතයට තව එක අවස්ථාවක් දෙන්න....ඔයාගේ වේදනාව සුවපත් කරන්න මේ ලෝකේ තියෙන තවත් සැබෑ ආදරයකට පුලුවන් වේවි..."

🥀°•°ENDLESS__LOVE°•°🍁 Short Story(Completed)Where stories live. Discover now