13 ❤️🥀

503 128 13
                                    

ඈ...!!!!





Jieun : ඒක වෙන්න බෑනේ......



Misoo : ඇයි ජියූන්... මොකද්ද වෙන්න බැරි??

යාහ්.. මොකක් හරි අවුලක්ද ලමයෝ?????




Jieun : අර.... අර.... ජූස් නාකියානේ...




Minha : මොකා???? කවුද ඒ???

ජූස්?? මොකා????



Jieun : ජූස් නාකි-...

ආ.. නෑ නෑ..

අර... අරයානේ...

මට කෝල් එක ගන්න ෆෝන් එක දුන්න කෙනා ඒ...!!!


Misoo : CEO Kim Taehyung ??? ඈ???

මන් දන්න හැටියට නම් ඒ මනුස්සයා එයාගෙ ඇගේ හැප්පිලා මිනිහෙක් වැටිලා තියා හොම්බෙන් ගියත් අහක බලන් යන කෙනෙක්නේ...



Minha : මහා සීතල මනුස්සයෙක් හරිම වචනෙන් කියනවා නම්...



Jieun : ඔයාලා කොහොමද එහෙම එයා ගැන දන්නේ?? මම විතරද එයාව දන්නෙ නැත්තේ එතකොට????



Misoo : ඔයා දන්නෙ නැද්ද? මේ ලෝකේ ජීවත් වෙන්න දැන්වත්..😑

එතකොට ඔයාට ෂුවර්ද ජියූනාහ් මෙයා තමා ඔයාට කෝල් එක ගන්න දුන්නේ කියලා???



Jieun : ඔව්... අනික එයා මාත් එක්ක හොදට කතාත් කරානේ...



Minha : එහෙම එක්කෙනෙක් නෙමේ එයා..

යෝ යෝ... වැරදිලාවත් අපේ යූන්ව දැකලා එයාගෙ හිතේ.... මොකක් හරි ටිලින් ටිලින්....



Jieun : යාහ්.. පිස්සුද ඔන්නි... ඔයා දන්නවනේ ඒවා කරන්න බෑ කියලා අපිට ඕන උනත්..

අනික මම කැමති නෑ අපි ටිකක් හරි ප්‍රසිද්ද උන ගමන් එක එක ප්‍රශ්න දාගන්න..


Misoo : ඔය කිව්වේ ඔයා එයාට අකමැති නෑ කිව්ව එක කියලා හිතෙන්නේ මට විතරද....


Jieun : ඔන්නිගෙ විහිලුව දැන් හොදටම වැඩී අනේ... ඕක නවත්තගන්නකෝ.....


Minha : හරි හරි ... ඔන්න නැවැත්තුවා බබෝ... අඩන්නැතුව ඉන්න දැන්...







Jieun pov

අන්තිමට ඒකත් ඉවර වෙලා අපි තුන් දෙනා කම්පැනි එකට ආවා..

ඔහොමම ටික කාලයක් ගත වෙලා ගියා... මට අර තේහ්‍යුන්ද කවුද මන්දා කෙනාගෙ සිද්දිය අමතක වෙලා තිබුනේ....

ඒත් දැන් දවස් දෙක තුනකට කලින් මම දැක්කා එයා අපේ Company එකට එනවා වගේ..

ඔව් ඉතින්.. මොකක් හරි වැඩකට වෙන්න ඇති.. Company දෙක ඉතින් කොහොමත් එකතුයිනේ ටිකක්...

වෙනදා වගේම අදත් මම ඔය එක එක විකාර දේවල් හිත හිතා බලන් හිටියේ ලිෆ්ට් එක එනකම්...

ටිකකින් ලිෆ්ට් එක ඇරුනත් එක්කම මම ඒකට නැගලා ආයෙමත් වටපිට බැලුවේ තව කවුරුත් ලිෆ්ට් එකට නගින්න එනවද බලන්න...

කවුද මන්දා මනුස්සයෙක් දුවගෙන එනවා දැකපු නිසා මම ලිෆ්ට් එකේ දොර වැහෙන්න දුන්නේ නැතුව තියන් හිටියේ එයාට එන්න ලේසි වෙන්න...




ඒත් ආපු කෙනා!!!













අපරාදේ එයා එනකම් හිටියේ කියලා මට හිතුනේ ඒ වෙලේ..

ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමේ...

අර..

අර ජූස් නාකියා......!!!!

🍹👴




Tae : ආහ්.. තෑන්ක්ස්..

පොඩ්ඩක් ඉන්න..

ඔයා... ඔයා...කවුද....~

ජියූන් නේද?? මම හරි නම්..







❤️🥀

IDOL'S FEELINGS || 🥀❤️ KTH (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝) Where stories live. Discover now