Taehyung pov
මට ඒක කියලා ඉවර කරන්න හම්බුනේ නැත්තේ එකපාරටම ජීයූන් එයාගෙ තොල් මගේ තොල් උඩින් තියලා මාව සිපගන්න පටන්ගත්තු නිසා...😳
පුදුම උන පාර මම ටිකක් වෙලා එහෙමම බලන් හිටියත් ටිකකින් මමත් ජීයුන්ගේ සිපගැනීමට පිලිතුරු දෙන්න ගත්තේ ඇයි කියලවත් මට හිතා ගන්න බැරි උනා....
ඒත් ටික වෙලාවක් යද්දී ආයෙමත් හරි සිහියට ආපු මම එහෙමම ජීයූන්වත් මගෙන් ඈත් කරලා එයාව උස්සගෙන කාර් එක ගාවටම ගිහින් හෙමීට එයාවත් කාර් එකට නග්ගලා බෙල්ට් එක දැම්මේ තව වෙලාවක් අතන අර විදිහට හිටිය නම් මම ඊලගට මොනා කරයිද කියලා මටම විශ්වාස නැති උන නිසා...
කාර් එකේ ටික දුරක් යනකොට කෙල්ල හොදටම නිදි කියලා මට තේරුනා...
Company එකටම එයාව ගිහින් දාද්දී එයාගෙ ඔන්නිලා දෙන්නත් ආවා එයාව එක්කන් යන්න... නිදි මරගාතෙම කෙල්ල එයාලත් එක්ක යන හැටි බලන් හිටපු මට ලාවට හිනාවක් ගියේ කෙල්ලගෙ වැඩටික මතක් වෙලා..
Next day
MorningJieun pov
මම ඇස් දෙක ඇරියේ මගේ ඔලුව නිකන් පුපුරන්න වගේ රිදුන නිසා...
ඔලුව උස්සලා බැලුවම මුලින්ම දැක්කෙ හිනා වෙවී මං දිහා බල බල ඉන්න ඔන්නිල දෙන්නා...🙂Jieun : ආව්... මගේ ඔලුව රිදෙනවා...😑
Misoo : රිදෙන්නේ නැතුව තිබ්බොත්නේ ඉතින් පුදුමේ...😂
Jieun : ඇයි? මොකද්ද කියන්නේ ඔයාලා??😑💔
Minha : ඊයේ උන දේවල් මතක් කරලා බැලුව නම් මොකද? අපි දන්නෙත් තේහ්යුන් ඔයාව ගෙනත් දැම්මට පස්සෙ ටික විතරයි...😑🙂
Jieun : තේහ්යුන්ග්??? එයා මොකටද මාව ගෙනත් දාන්නේ...🙂
Jieun pov
එහෙම කියලා ඔලුවත් අතගගා ඉද්දී මට ඊයේ උන ඒවා එකින් එක මතක් වෙන්න ගත්තේ....😑😑😑
YOU ARE READING
IDOL'S FEELINGS || 🥀❤️ KTH (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
Fanfictionපොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම් කරලා අන්තිමට ඒ හීනෙට යන්න ලැබුනොත් දැනෙන හැගීම මොන වගේ එකක් වෙයිද...?🥀 ඒත් තමන් වැඩියෙන්ම ආදරේ කරන, වැඩියෙන්ම විශ්වාස කරන අය නිසාම එයාගෙ ඒ හීනේ ඇස් ඉස්සරහම බිද වැටෙන්න ගත්තො...