1

1.2K 201 39
                                    

රත්‍රනින් වැඩ දැමූ ග්‍රීක පලසක් මතින් ඉදිරියට ඇදෙන ශෝභමාන තරුණයෙකි.ග්‍රීසියෙන් ආනයනය කළ ඉස්තරම් සේද වස්ත්‍රය ඔහුගේ එක් උරක් වසා පහළට වැගිරෙමින් තිබුණි.දුඹුරු පැහැති කෙස් කළඹ ,පිරුණු රක්ත වර්ණ දෙතොල් ,සිහින් සිරුර ,කිරිගරුඬ සම හා කාල වර්ණ දෙනෙතකට හිමිකම් කී ඔහුට හිමිව තිබුණේ සුර දූතයෙකුට අගනා ලාලිත්‍යකි.

මනරම් මැඳුර සැරසී තිබුණේ රත්‍රනින් ඔප දැමූ බැස්ට් නම් බළල් දේවතාවියගේ ආලේඛ්‍ය සිතුවම් හා පිළිරූවලිනි.බෙරි හා ආමන්ඩ් සුගන්ධයෝ මෙම මන්දිරය හාත්පස සුවඳවත් කළහ.

මිසරයේ බැස්ට් දෙවොලේ ප්‍රධාන පූජකයා තම පුතු වූ ජිමින් තමා වෙතට කැඳවූයේ තම දේශයෙහි වඩාත් භාර දූර කටයුත්තක් බාර දීම සඳහාය.විවිධ මැණික් ආදියෙන් වැඩ දැමූ පුටුවකට වී ඔහු තම පුතු දෙස බලා සිටියේය.ජිමින් ගොස් ඔහු ඉදිරියේ දණ නමා එකත් පසට වී සිටගත්තේය.

"මිසරයේ රැජින ක්ලියෝපැට්ට්‍රා සංචාරයක් සඳහා පර්සියාවට යාමට සූදානම්ව සිටින බව නුඹ දැන සිටිනවා කියා මා සිතනවා ජිමින්"

ප්‍රධාන පූජකතුමා වූ ජුවාන් විමසීය.

"එසේය පියානෙණි"

ජිමින් පැවසීය.

"බොහොම අගෙයි.නමුත් මා ඔබට පැවරීමට සූදානම් වී සිටින්නේ මහත් වූ බැරෑරුම් කාර්‍යයක්"

ජිමින් හිස හරවා තම පියා දෙස බැලීය.

"ක්ලියෝපැට්ට්‍රා මහ රැජිනගේ බිළාල පැටවා එතුමිය සමඟ ගමන් කිරීම එතුමාගේ සෞඛ්‍ය තත්වයට අහිතකර බව රාජකීය වෛද්‍යවරයා ඊයේ පැවසුවා.දේශයේ සශ්‍රීකත්වයට මඟ පාදන්නා වූ ආශිර්වාදලත් එතුමාව රැකබලා ගැනීම බැස්ට් දෙවොලේ ප්‍රධාන පූජකයා වන මාගේ යුතුකමයි.මම එය අදදින ඔබට භාරකරනවා.යුන්ගිව ඔබේ ප්‍රාණය හා සමව රැකගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.ඔබට මෙය නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වුවහොත් ඔබේ හිස කඳෙන් වෙන් වෙනු නොඅනුමානයි"

ජුවාන් පැවසීය.

ජිමින් බිම බලාගෙන සිටියේය.පියාගේ අණ පිළිගැනීම හැරෙන්නට ඔහුට කළ හැකි කිසිවක් ඉතිරි වී තිබුණේ නැත.ඔහු නිහඬවම හිස වැනීය.

"යුන්ගිව රැගෙන එන්න"

සුමට වෙල්වට් රෙද්දෙන් සැකසූ කොට්ටයක් මත තබා බිළාලයාව සේවිකාවක් විසින් රැගෙන එන ලදී.ඌ දෑස වසා කොට්ටය මත නිදා සිටියේය.කාල පැහැයෙන් යුතු එම බළලාගේ කිසිඳු ප්‍රෞඪත්වයක් හෝ ලකයක් ජිමින්ට පෙනුණේ නැත.බළලුන් උඩඟු බව ජිමින් හොඳාකාරවම දනී.නමුත් මෙම බලලා පිළිබඳ ජිමින්ට දැනුණේ පහන් හැඟීමක් නම් නොවේ.

"උතුමානන්ගේ වගකීම අද සිට ඔබ සතුයි ජිමින්.උතුමානන් සමඟ ඔබට රිසි සේ හැසිරිය හැක.මොහු ඉතා දක්ෂ දඩයම් කරුවෙක්.නමුත් මොහුට අනතුරක් නොවීමට වග බලා ගන්න"

ජුවාන් එසේ පවසා නික්ම ගියේය.ජිමින් තම පියා දෙස බලා විසල් ඊජිප්තු බලළා දෙස බැලීය.

"ඔහුව රැගෙන එන්න"

ජිමින් සේවිකාවන්ට අණ කළේය.

Next chapter --->


MAU [Completed]Where stories live. Discover now