3

672 187 22
                                    

පුරාණ මිසරයේ සාදා ඇති මහා ගීසා පිරමීඩය ගව් ගණනාවක් ඈතට දිස්වන්නේ මනස්කාන්ත අයුරිණි.දැඩි හිරු රැසින් නිතර දෙවේලේ පීඩා විඳින මිසර වැසියන්ට ටෙෆ්නට්* දෙවියන්ගේ පිහිට හිමිවන්නේ කලාතුරකිනි.

කුලීන මිසර වැසියන් දඩයමේ යාම විනෝදාංශයක් ලෙස සැලකීය.බළලුන් පවා දඩකෙලියේදී ඔවුන්ට සහය පිණිස රැගෙන යන ලදී.වැඩුණු බළලුන් දඩයමෙහි දක්ශයන් විය.මීමින්නන් හාවන් වැනි කුඩා සතුන් ඔවුහු දක්ෂ ලෙස දඩයම් කරති.

ජිමින් තම හෙල්ලට අතට ගත්තේය.ඔහු අසල සිටියේ රැජිනියගේ බළලා වූ යුන්ගිය.ඔහු බළලා අසලට පහත් වී බළලාගේ කනට මෙසේ පැවසීය.

"තමුන්ට මම කියපුවා මතකනේ.අද රෑට හීතලේ වහලේ උඩ නිදාගන්න ඕනෙ නැත්නම් හාවෙක් අල්ලගෙන එනවා"

විලම්බීත වූවාක් මෙන් ජිමින් දෙස බලාසිටි බළලා වේගයෙන් කැලෑව දෙසට දිව ගියේය.

"ඔහු පසුපස යනු"

ඔහු තමාගේ පිටුපසින් සිටි සෙබළුන්ට අණ කළේය.සෙබළු බළලා පසු පස ලුහුබැඳ ගියේය.

බළලා අතුරුදන් විය.එක්වරම ඔහුව සෙබළුන්ට මඟ හැරුණි.බළලා දිවූ අත කිසිවෙකුට සොයා ගත් නොහැකි විය.

"උතුමාණෙනි,යුන්ගි උතුමාණෙන් අතුරුදන් වෙලා"

සෙබළෙක් ජිමින්ට පැවසීය.ජිමින්ගේ හෘදස්පන්දන මඳකට නතර වූවාක් මෙන් විය.

"මො...මොකක්ද තමුන් පැවසුවේ?"

"යුන්ගි උතුමාණන් අතුරුදන් වෙලා"

සෙබලා දහඩිය පිසිමින් ජිමින්ට කීවේය.

"ඉතිං මනුස්සයෝ...හොයනවා.මෙතන බකන්නිලාගෙන ඉන්නේ"

ජිමින් ගිගිරීය.

සෙබළුන් යුන්ගිව සෑම තැනම සෙවූහ.නමුත් ඔවුන්ට සලකුණකුඳු සොයාගත් නොහැකි වූහ.

ජිමින් අසල ඇති ගලක් මත වාඩි වූයේය.සෑම තැනම ඇවිද ඔහුගේ දෙපා තදින් වේදනා දෙයි සේවිකාවක් පැමිණ ඔහුගේ හිස ආවරණ කළේය.නමුත් ඔහුගේ බිය පහව ගියේ නැත.

"මම දැන් මොනවද පියාණන්ට පවසන්නේ?"

ඔහු සිතන්නට වූයේය.

නමුත් එක්වරම ඔහුගේ කනට ඇසුණේ බළලෙකුගේ ශබ්දයකි.ඔහු ඒදෙසට දිව ගියේය.

විශාල ගෝනෙක්ගේ ගෙල සපාකමින් සිටි විසල් ඊජිප්තු බළලාව ඔහුට දැකගත හැකි විය.ජිමින් සෙමින් සෙමින් ඌ දෙසට ගියේය.

බළලා මෙන් ගෝනා අට ගුණයක් පමණ විශාලය.ජිමින් සැබවින්ම පුදුමයට පත් විය.

"ත..තමුන්ද මූව ඇල්ලුවේ"

ජිමින් විමසා සිටියත් බළලා දිගටම ගෝනාගේ ගෙල පහුරු ගාමින් සිටියේය.

ජිමින්ට බළලුන්ට කතා කළ නොහැකි බව සිහියට නැඟුණි.

NEXT PART --->

*ටෙෆ්නට් ---> වර්ෂාවට අධිපති ඊජිප්තු දෙවියන්

MAU [Completed]Where stories live. Discover now