පොරොන්දුවක් 1

3.2K 532 235
                                    

අපේ ජීවිතේ හරිම පුදුමාකාරයි....කෙනෙක්ගේ ජීවිතේ ගොඩක් සතුටු දවසක් තවත් කෙනෙක්ගේ ජීවිතේ දුක්බර දවසක් වෙන්න පුලුවන්......එහෙමයි කියලා ඒ කෙනාගේ සතුට බලන් අපිට ඒ කෙනාට ඉරිසියා කරන්න අයිතියක් නැහැ...අපේ දුකට ඒ කෙනා හෙතුවක් නෙවේනේ...මේක අපි ලබාඋපන් හැටි ඒකට තව කෙනෙක්ට ඉරිසියා කරලා මොකක්ද ඇති වැඩේ...එහෙම කලා කියලා අපි වැටිලා ඉන්න වලෙන් අපිට ගොඩ එන්න පුලුවන්ද?
පාර්ක් එකේ සෙල්ලම් කරන මන් වගේ ලමයි දිහා බලන් මටත් යන්න ඕනේ ඇයි එයාලට ඇයි ටේට විතරක් බැරි කියලා පුන්චි කාලෙ අඩද්දි මගෙ අම්මාහැමවෙලේම එයාගේ මැනිකට කියල දුන්නෙව් ඔය කතාව....





එයාලා සතුටෙන් හිනාවෙනවා ....අද එයාට ගොඩාක් ලස්සන දවසක් වගේ මන් හිතන්නේ අද එයාගෙ උපන්දිනය... .

Princess කෙනෙක්ගෙ වගේ දිග රෝස පාටින් දිලිසෙන ගවුමක් ඇදගත්ත ලස්සන ගෑනු ලමයෙක් එයාගෙ අම්මවයි තාත්තවයි දෙපැත්තේ තියාගෙන උපන්දින කේක් එක කපනවා ඈත තියා මම බලන් හිටියා........
එයාලා හිනාවෙනවා.......එයාලා ගොඩක් සතුටින් මටත් ආසයි හිනාවෙන්න... එයාලා හිනාවෙනවා බලාගෙන මමත් ඈත ඉදන් හිනාවුනා.....හිනාවෙන්න හේතුවක් සතුටක් පේන තෙක් මානෙකවත් නැති මම එයාලගෙ සතුට දිහා බලන් හිනාවුනා.....
මගෙ අම්මා මට කියලා දුන්නේ එහෙම හිනාවෙන්න කියලා...

කමක් නැහැ මටත් දවසක් එයි හිනාවෙන්න......මට විශ්වාසයි...... මතකයි මට අම්මා ඉන්නකොට එයාගෙ පැන්චගෙ උපන්දිනේටත් අම්මා කේක් එකක් ගෙනත් දුන්නා.....මේ ලමයා ගාව තියනවා වගේ පාට පාට ලොකු කේක් එකක් නම් නෙවේ ඒත් මගෙ රත්තරන් අම්මාට ඒ පුන්චි කේක් ගෙඩිය එයාගෙ පුන්චි මැනිකට ගෙනත් දෙන්න කොච්චර දුකක් වින්දද කියලා එදා ඔයාගෙ මැනිකට තේරුනේ නැති උනාට අද තේරෙනවා මගෙ අම්මේ.......

රෑට රෑට අම්මා ඔයාගේ මැනිකව බදන් අඩද්දි එදා ඔයාගේ චූටි මැනිකට නොතේරුනත් ඇයි අම්මා අඩන්නේ කියලා ඔයාගෙ මැනිකට දැන් හොදට තේරෙනවා අම්මේ.....

ගැහැනියකට අත දෙන්න උදවු කරන්න ඒ ගැහැනිය තේරුම් ගන්න පුලුවන් තවත් ගැහැනියකට කිවුවට මගෙ අම්මා ගෙයක් ගෙයක් ගානේ රස්සාවක් ඉල්ලගෙන ඔයාගෙ චූටි මැනිකත් වඩාගෙන ඇවිදිද්දි ගැහැනිය කියන ඒ කෙනාම ....මේ සමාජෙ ගරු කරන ඒ ගැහැනුන්ම මගෙ අම්මගේ මූනටම දොර වැහුවේ ගැහැනියක් තේරුම් ගන්න පුලුවන් තවත් ගැහැනියකට කියන කතාවක් ඔයාගෙ පුන්චි මැනිකගෙ ඇස් දෙකට බොරුවක් කරලා පෙන්නලා....

His promise  (Taekook)Where stories live. Discover now