පොරොන්දුවක් 3

2K 485 135
                                    

"ආහ් මහත්තයා ආවද? උබ හෙන ගනන් කාරයා වෙලා නේද? උබ මට හොරෙන් කාත් එක්ක බුදියලද මේ තරම් සල්ලි ගොඩක් එකතු කරගත්තේ.."



තාත්තේ ....... තාත්තේ ගහන්න එපා.... තාත්තේ මට දැනටමත් ගොඩක් අමාරුයි....... ගහන්න එපා.....

ගෙට ගොඩවෙනවත් එක්කම මගෙ ඉස්සරහට කෑගහගෙන ආපු තාත්තා මට වචනයක්වත් කතාකරන්න නොදී එයා අතේ තිබ්බ හැමදාම මටම ගහන්න වෙන් කරලා තිබ්බ කටු වේවැලෙන් මට ගහන්න ගත්තේ තාත්තගේ වේවැලේ කටු මගෙ හම ඇතුලට කිදා බහිද්දි.....

වේදනාව .... වේදනාව ඇග පුරාම රිදුම් දෙන වේදනාව විතරමයි මට දැනුනේ ......වේවැල කැඩෙනකම් ගහලා ගහලා  බිම වැටිලා හිටිය මගෙ බඩට පපුවට තාත්තා පයින් ගහන්න ගත්තේ බිම ගුලි වෙලා ඉන්න මම තාත්තගෙ කකුලෙන් වදින වදින පාරක් ගානේ වේදනාවෙන් කෙදිරිගාද්දි.......

තවත් කෑගහලා මට වේදනාව කියාගන්න බැරි වුනා...ඒ තරම් මහන්සියක් වේදනාවක් මට දැනුනේ.... මගෙ ශරිරෙට තවත් මේ වේදනාවන් දරාගන්න බැරි වෙනවා වගේ මට දැනුනේ.....තාත්තා එයාගේ කේන්තිය දැනටමත් වේදනාවෙන් කැක්කුම් දෙන මගෙ කෝටුගැහුන ශරීරෙන් පිරිමහගන්නකම් මන් ඔහේ බිම වැතිරිලා හිටියා.....තාත්තා දැන් ගහන පාරවල් වල වේදනාවල් මට දැනුනේ නෑ මොකද ඒ වේදනාව වැඩි කමට මගෙ මුලු ඇගම හිරි වැටිලා තිබ්බ නිසා......


"නැගිටපන්.........නැගිටලා ගිහින් මට බොන්න
අරන් වරෙන්......ඉදා මේ සල්ලි වලින්ම අරන් වරෙන්......"

තාත්තා එයා අතේ ගුලි කරන් හිටිය මගෙ අම්මගේ හීනෙට යන සල්ලි මගෙ මූනට විසික් කරලා කෑ ගැහුවේ මට ගහපු මහන්සියට හති ඇර ඇර එතන පුටුවෙන් ඉදගන්න ගමන්.......

බැහැ මේ මගෙ අම්මගේ හීනෙ ඉශ්ට කරන්න මට ඉතුරු වෙලා තියන්නේ මෙච්චරයි....මෙහෙම වෙන්න දෙන්න බැහැ.....

තාත්තේ ඕක නම් කරන්න එපා .....අනේ තාත්තේ මේ සල්ලි වියදම් කරන්න එපා..... තාත්තේ මන් ඔය සල්ලි එකතු කලේ සෝල් university එකට  යන්න..........මන් වදින්නම් තාත්තේ ඔහොම කරන්න එපා.......අම්මගේ එකම හීනේ තාත්තේ මට ඒක ඉශ්ට කරගන්න දෙන්න...තාත්තා කියන වෙන ඕනෙම දෙයක් මන් කරන්නම්.......


His promise  (Taekook)Where stories live. Discover now