"මම පිරිමි අයට බයයි"
"ජිමින් මම බැඳීම්වලට බයයි..මට සමාවෙන්න"
"මගේ ගැන හොයන්නෙපා ජිමින්.ඔයාට අන්තිමට දුක් වෙන්න වෙයි.මට උදව් කරන්න එපා..ආදරය කියන්නේ බොරුවක්"
මම මිකී..බැඳීම්වලට බය මිකී..අවුරුදු ගානක් තනිකමට ඉඩ දුන්න මිකී..මට කවුරුත් නෑ..හරියටම කිව්වොත් මම දැන් අනාථයෙක්.
අප්පා ඔයා නිසා මම බයයි. ජිමිනුත් පිරිමි කෙනෙක්..එයත් ඔයා වගේ වුණොත්.මට බෑ. සමාවෙන්න ජිමින්.මගෙ ඔම්මට වගේ මටත් වුණොත්? මට බෑ තවත් දරාගන්න.මගෙ කතාව,ඒක ඔයා දැනගන්න ඕනෙ නෑ ජිමින්..ඒක කිව්වොත් ඔයත් යාවි.."අහන්න ජිමින් එයාට අවස්ථාවක් දෙන්න..මියා හොඳ ගෑනු ළමයෙක්.එයා ඔයාට කැමතියි කියලා කිව්වනෙ....මම ලස්සන නෑ.එයා ලස්සනයි.මට සල්ලි නෑ..මියාට හැමදේම තියෙනවා.මට තියෙන්නේ මොනවද? මම බය ගුල්ලෙක්..මම බයයි"
"මිකී මම බලන් ඉන්නම්."
හැමදාම ඔය කතාවේ අවසානය..දිලිසෙන ඇස්වලින් අහස දිහා බලන් ජිමින් මිකී වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න එක.."දැන් අපි අවුරුදු පහකට කලින් කොලේජ් දුවපු කෙල්ලෙයි කොල්ලයි නෙවෙයි නේද ජිමින්.මට ඒ කාලේ මතක් වෙනවා.හැමදේම වෙනස් වෙලා නේද "
"මිකී"
"ම්ම්ම්ම්?"
"මම බලන් හිටියා.අවුරුදු පහකට කලින් ඔයාව දැක්ක වෙලාවේ ඉඳන්..පොත් ගුල්ලෙක් වගේ කොලේජ් එකේ library එකේ ඉඳපු මිකීව..බැඳීම්වලට බය වෙලා දුවපු මිකීව.මාව එපා කියල කියපු මිකීව..දැන් ඒ මිකී ලොකු දොස්තර නෝනා කෙනෙක්..අවුරුදු පහකට පස්සෙත් තාමත් බැඳීම්වලට බය ද මිකී ම්ම්ම්ම්? මට මහන්සියි "
"ජිමින්.මම මේ..."
"කමක් නෑ මිකී..ම්ම්ම්ම් දැන් යන්න..Emergancy Unit එකේ අද ටිකක් වැඩ වැඩිලු.."
"හරි ජිමින් මම යන්නම්"
"මිකී "
"කියන්න ජිමින් "
"පරිස්සමින් ඉන්න"
එදා..එක විනාඩියකින් මගේ මුළු ජීවිතේ වෙනස් වුනා..මට ආයෙත් මම තනි වුනා කියලා දැනුනා..මට මේ ලෝකෙ ආදරේ කරපු එකම කෙනා..එයත් මාව දාලා ගිහින්..මිකී උඹ මහ අවසනාවන්ත කෙල්ලෙක්...හොස්පිට්ල් එකෙන් එලියට ආව මට තව දුරටත් මාව බලාපොරොත්තු වෙන ඇස් දෙක පෙනුණේ නැ....මගෙ ඇස් කලබල වෙලා..පපුව හරි සද්දෙට ගැහෙනවා..
මම දිව්වා..පුළුවන් තරම් දිව්ව...මගෙ පපුව ආයෙමත් ගැහෙනවා ..."ජිමින්න්න් ඔයා කොහෙද" මම එයාව හොයාගන්නවා..තියන අඩියක් ගානෙම මගේ ඇස්, ඒ මාව හොයන, මගේ ගැන වදවෙන,මාව බලාගන්න ජිමින්ව හෙව්වා..එයා නෑ..ඒ කලබලෙන් මාව හොයන ඇස් දෙක මගෙ ඉස්සරහට ආවෙ නෑ..