Jimin's pov
මුලු වටපිටාවම වහගෙන තිබ්බේ අඳුරු මූසල බවක්... රෑට කෑ ගහන සත්තුන්ගේ සද්දවල් වලින් වටපිටාව පිරිලා... වැඩ ඉවර වෙලා හෙම්බත් වෙලා ගෙදර යන මිනිස්සු, ස්කූල් ඉවර වෙලා රෑ වෙනකන් කරක් ගහලා හිනා වෙවී ගෙවල් වලට යන කොල්ලෝ කෙල්ලෝ රංචු, බීලා වෙරි වෙලා වැනි වැනි යන මිනිස්සු, ඔය වගේ එක එක විදියේ මිනිස්සු දිහා මන් බලන් හිටියේ කලකිරුනු ඇස් වලින්... කෙනෙක් ගොඩක් සතුටු වෙනකොට තවත් කෙනෙක් දුකෙන් ඉන්නවා... සමහරු හූ තියලා මහ හයියෙන් හිනා වෙනකොට තවත් සමහරු කදුලු පෙරාගෙන අඩනවා... මේක වෙන්න ඇති මේ ලෝකේ හැටි...
මන් කවුද?
මන් දුකින්ද සතුටින්ද?
මන් මේ මිනිස්සුන්ගෙන් මොන කාන්ඩෙටද අයිති?
මටවත් හිතාගන්න බෑ... එන්න එන්නම වැඩි වෙන සීතල නිසා මන් මගේ ඇගේ තිබ්බ කෝට් එක තවත් ඇගට තද කරගත්තේ කටින් උනුසුම් සුසුම් පිට කරන ගමන්... සීතලයි.. දරාගන්න බැරි තරම්... වෙනදට මේ වෙලාවට කුකීගේ ඇඳට වෙලා හිනා යන විහිලු කතාවකුත් දොඩව දොඩව මහ හයියෙන් හිනා වෙවී කොල්ලට නින්ද යනකන් කොල්ලගේ ඔලුව අතගගා හිටපු මන් අද මහ රෑ සීතලේ මහ පාරේ ඇවිදිනවා දුකින්... කමක් නෑ අද මන් වෙනුවට ඒ තැන මටත් වඩා හොඳ කෙනෙක් ඇති... මටත් වඩා හොඳට එයා මගේ කුකීව බලාගනී මගේ අඩුවක්වත් දැනෙන්න නොදී... මට එයාව විශ්වාසයි මන් තරමටම...
'කුකී.. කුකී ගගා තවත් මට ලං වෙන එක නවත්තනවා Park Jimin!'
කුකීගේ ඒ වචන පිහි පාරවල්වලටත් වඩා දරුනු විදියට මට දැනුනේ... මගෙ කුකීගේ කටට මෙච්චර දරුනු වචන කොහෙන් ආවද කියලා මටවත් හිතාගන්න බෑ... මෙච්චර බර වචන ඔයාගේ කටට ගැලපෙන්නේ නෑ චූටි කූ...
ඇහැට ආපු චූටි කදුලු බින්දුව මම මගේ අත්ලෙන් පිහදගත්තේ කවුරු හරි දකී කිඅන බයට... එක අතකින් ඒක දැක්කත් මේ මිනිස්සුන්ට ඒක ගානක් වෙන එකක් නෑ... කොහෙවත් යන එකෙක් අඩන්න හේතු අහ අහ යන්න තරම් එයාලට දැන් වෙලාවක් නෑ... ලඟ හිටපු එකා මැරිලා වැටුනත් සමහරු ඒක ගැන දැනගන්නේ මිනිය වලදාන්න යන්කොට...
නොදැනිම මගේ කකුල් මාව එක්කන් ඇවිත් තියෙන්නේ මන් ආස කරන තැනකට... ඉස්සර කුකී එක්ක මේ තැනට ඇවිල්ලා වැලි වලින් ගහ ගෙන වතුරෙන් මුලු ඇඟම තෙමාගෙන සෙල්ලම් කරන හැටි මට තාම මතකයි අද වගේ... මට එකපාරටම ඉබේම හිනාවක් ගියේ දවසක් කුක් මාව උස්සලා මුහුදට විසික් කරපු හැටි මතක් වෙලා... මන් හියුන්ග් වුනත් ඒ පොඩි එකා මටත් වඩා ගොඩක් ශක්තිමත්... මන් වගේ කෙනෙක්ව කොල්ලා එක අතකින් උස්සලා ගනී...

YOU ARE READING
Solitude : Jimin × Kook (Completed)
Short Storyඑකම මලකට, පෙම් කල වරදට, දුක් වෙනවා මම, අදටත් හොඳටම... නොකියා ගිය, දුර ගමනට, සමාවදෙයන් කුකියෝ, උබේ මේ හියොන්ට... පොරොන්දු වෙනවද මට, මතු භවයෙදීත්, මගේම කුකීම වී, පැමිණෙන බවට... ඉදින් නවතිමි, අවසරයි යන්නට, මා එනතුරු බලා සිටින, මගේ අලුත් ලෝකයට...! -"Hyu...