සමුද්‍ර මාලිගාව ගොඩක් නිශ්ශබ්දයි....කෑලි කපන්න පුළුවන් තරම් මූසල නිහැඬියාවක් මාලිගාව පුරාම පැතිරිලා.....හේතුව තමා වෙනදට මේ මාලිගාව හිනාවෙන් පුරවන කෙනා අද ඇඳක් උඩ කිසිම හැලහොල්මනක් නැතුව වැතිරිලා....[A/N:සමුද්‍ර මාලිගාව කිව්වට මේක තියෙන්නේ මුහුද ඇතුලේ කියලනම් හිතන්න එපා.... මේක තියෙන්නේ මුහුද මැද තනි වුනු දූපතක හැංගිලා.....දූපත මිනිස්සුන්ට තහනම් කාලපයක්.... හේතුව විදිහට වෙරළ ආරක්ෂිත බලකාය කියලා තියෙන්නේ මිනිස්සු දූපත අවට ඉන්න මුහුදු ජීවින් විනාශ කරයි කියන එක... හැබැයි මේකේ ඇතුලේ හැංගුණු රහස කවුරුත් දැනගෙන හිටියේ නෑ වගේම එයාල ඒක එලි වෙන්න ඉඩ තිබ්බෙත් නෑ]
Jeon Selina... වෙනදට විනාඩියක්වත් එක තැන ඉන්නේ නැති කෙල්ල අද ඇඟිල්ලක්වත් හොලවන්නේ නෑ.... එයාගේ Eommaa,Oppa,Unnieලාදෙන්නා වගේම රජතුමාත්, රැජිනත් බලන් ඉන්නේ එයාලගේ Sali නැගිටිනකන්... හැබැයි එයාටනම් නැගිටින්න ඕනිකමක් නෑ වගේ....රජතුමාටයි රැජිනටයි දුවලා හිටපු නැති නිසා එයාලගේ දුව උනේ Sali...Sali ගේ ඔම්මා වුනු Jeon ආර්යාව තමන්ගේ පුංචි දුව වෙනුවෙන් අඬනකොට....රැජින එයාටම වරද පටවගෙන කාටත් හොරෙන් කඳුළු හැලුවා... ඒත් ඇයි???
«««flash back 48hrs ago»»»
සමුද්‍ර මාලිගාවේ ලොකු කලබලයක්.... අද තමා සමුද්‍ර රාජධානියේ කිරුල හිමි කුමාරයාගේ උපන්දිනේ.... හැමෝම ඒකට ready වෙනවා.... හැමෝටම වැඩ එක්කෙනෙක්ට ඇරෙන්න.... ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි අපේ crown prince Kim Teahyung.... එයා අරහෙට මෙහෙට දඟල දඟල වැඩ කරන අයට එයාගේ වෙන වෙන වැඩ දෙනවා....අවුරුදු 18ක් වුනු කුමාරයා හරියටම crown prince කියන තනතුර බාරගන්නේ අද හවස තියෙන උත්සවයේදී.... රැජින වගේම එයාගේ හොඳම යාළුවා උන Jeon ආර්යාව උත්සවයේ ඔක්කොම වගකීම් බාර අරගෙන හරි හරියට වැඩ.... වැඩ කියන්නේ උපදෙස් දෙන එක තමා 🙂...
"Soo..."
"ඔව් කියන්න උත්තමාවියනි"
"ඈ මේ මොකද මේ"
"මේ කට්ටිය ඉන්නවා පෙන්නේ නැද්ද.... මට බන් බොලන් කියලද කතාකරන්න කියන්නේ🙂" Jeon ආර්යාව රැජිණියගේ කනට කෙඳිරුවේ smile in pain feeling එකකින්
