Chapter 2

529 92 22
                                    

පාර්ක් යූන්ගි සහ පාර්ක් ජිමින් යනු ඉපදුණු දා සිට මව්පිය සෙනෙහස නොඅඩුවම ලැබුණ දරුවන් දෙදෙනෙකි. ඔවුන් ගේ පියා වන පාර්ක් වොන් කුඩා ආපනශාලාවක් තම රැකියාව ලෙස කරගෙන ගිය අතර ඔවුන්ගේ මව කුඩා රාමේන් කඩයක් පවත්වාගෙන ගියාය.

මෙම කුඩා පවුලට වැඩිය මිල මුදල් නොතිබුණද ඔවුන් අතර සතුට නම් නොඅඩුවම තිබුණි. මෙම දරුවන් දෙදෙනා අතරද ඉතාමත් හොඳ බැදීමක් තිබූ අතර ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනා නැතුවම බැරි ය.

ලෝකයේ ඕනෑම දෙයක් සල්ලි වලට ගත හැකි නමුත් මනුස්සකම, ආදරය පමණක් නොව හදවතට එකගව සතුටද සල්ලි වලට ගැනීමට නොහැකිය. මෙම පවුලෙන් එය මනාව පැහැදිලි වෙයි.

නමුත්, සතුටද සෑම දිනකම රඳා පවතින්නේ නැත. සතුට අප වෙත එනවිට දුකක්ද ඒ ළඟ ළඟම එන බව අප කොයි කවුරුත් දනිමු. සමහරෙක් පිරිස් මෙම පවුලේ සමගිය, එකමුතු කමට ආශිර්වාද කලද සමහරක් පිරිස් මෙම පවුලට ඊර්ෂ්‍යා කළහ.

ඒ ආකාරයෙන් මෙම පවුලට ද අපල කාලයක් පැමිණිය් ඔවුන් නොසිතූ පරිද්දෙනි.






" යොබ්සෙයෝ...."

"යේ....යෝබ්සෙයෝ...නුගුයා?"

නමුත් එම ප්‍රශ්නයට අනිත් පෙදෙසෙන් ලැබුනේ සිනා හඩක් පමණි.

"යාහ්. ..නුගුයා????"

"මිස්ටර් පාර්ක් වොන්....ම්ම්ම්???"

"යේ...පාර්ක් වොන් තමයි....තමුන් කව්ද????"

නමුත් නැවතත් එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලැබුනේ දරුණු සිනා හඩක් පමණි.

"ම්ම්ම්ම්හ්......අපි..........තව ඉස්සරහට අදුරගමුකො නේද ....මිස්ටර්....පාර්ක් ....වොන්?"

"තමුන්ට කො... කොහෙන්ද මගෙ නම්බර් එක?"

නැවතත් දරුණු සිනා හඩක් නැගුනි.

"එහෙනම්...මම තියන්නම් හරි??? පාර්ක් මහත්තයාට වැඩත් ඇතිනෙ නේද? පොලීසියට කියලා අහුවුනොත් බලාගමු..."

"යොබ්සෙයෝ...යො.....යොබ්සෙයෝ.....යාහ්.................යොබ්සෙයෝ....යොබ්සෙයෝ........"

පාර්ක් මහතා කෙතරම් නෑ ගැසුවද ඒවනවිට එම පුද්ගලයා දුරකතනය විසන්ධි කර තිබුණි.

⚔️The Bad Evil ⚔️ [ yoonmin] [COMPLETED]✅Where stories live. Discover now