Chapter 3

435 83 41
                                    

යුන්ගි ගෙදරට පැමිණෙන විට ජිමින් සෙටියේ ඇල වී සිටියේය. තමා ගෙන ආ බඩුද මේසය මතින් තබා ජිමින් වෙත ගිය යුන්ගි ජිමින්ගේ අතින් අල්ලා ඔහුගේ අත අතගාන්නට විය.

"චිමී.....ඇහෙනවද...යන්න ඇදට ගිහින් නිදාගන්න..මෙතන නිදියන්න අමාරුයි නෙ චුට්ටෝ... "

"හ්ම්ම්ම්......"

තවදුරටත් ජිමින්ට මෙලෙස කතා කිරීම නිෂ්පල දෙයක් බව වටහාගත් යුන්ගි ඔහුව ඔසවා ඇද මතින් තබා තමා පිරිසිදු වීමට ගියේය.

ඔහු පිරිසිදු වී අවසන් වූ පසු ඇදට වී ජිමින් දෙස බලාසිටි යූන්ගිට නොසිතූ ලෙස දුරකතන ඇමතුමක් ආවේය.

"යොබ්සෙයෝ... මේ TBE එකේ ලීඩර් වෙන්නැති"

"ඔව් ඇයි තමුසෙ කව්ද?"

"තමුසෙට තව ටික වෙලාවයි තියෙන්නෙ ඒක මතක තියාගන්නවා."

"මට ඊට ඉස්සෙල්ලා කියනවා තමුසෙ කව්ද කියලා."

"උඹට මන් කව්ද කියලා වැඩක් නෑනේ. උඹ මල්ලිට ආදරෙයි නම් දැම්මම හන් ගගට එහා තියෙන පාර්ක් එක ගාව ඇතුලට වෙන්න තියෙන පාරෙ කෙලින්ම එනවා. එතකොට මගෙ වාහනයක් එවන්නම් ඒක පස්සෙම එනවා."

"මන් මොකටද තමුසෙ කියන විදිහට වැඩ කරන්නෙ?"

"මම උඹට එක පාරයි කියන්නෙ..තමුසෙ ඉස්සරහා මල්ලිගෙ මිනිය විතරක් තියෙනවා දකින්න ආසද උඹ???"

"තමු- ............ආශ්....ඒපාර මොකාද මේ පව් දෙන්නෙ?"

යුන්ගි කතා කර අවසන් කරන්නට පෙරම ඔහුට ඇමතුම ගත් පුද්ගලයා දුරකතනය විසන්ධි කරන්නට විය. යුන්ගි එසැනින් නම්ජූන්ට සහ හොසෝක්ට දුරකථන ඇමතුම් දෙකක් ගෙන ඇමතුම ගත් පුද්ගලයා කියූ ස්ථානයට යන්නට පිටත් විය.

"දැන් උඹට ෂුවර්ද ඒ කතා කරන්න ඇත්තෙ PJM කාරයා කියලා?"

"ඔව් බන්.අපිට ඉන්න එකම හතුරා ඔය PJM විතරයි. ඌ තමයි. අද බලාගමු ඔය මොකාද කියලා."

"ජිනා හිටියා නම් මේ වැඩේ තවත් ලේසියි බන්. නැද්ද නම්ජුනා"

"උඹට පිස්සුද හොබී.? එතකොට ජිමිනා එක්ක ඉන්නෙ කව්ද?ඔය කොල්ලට මදුරුවෙක්වත් හරියකට මරාගන්න පුළුවන්ද? බැරි වෙලාවත් කව්රුහරි ඇවිත් කොල්ලට ඇනලා ගියත් ඌ ඔහේ බලන් ඉදී. ජින් එයා එක්ක හිටපු එක හොඳයි."

⚔️The Bad Evil ⚔️ [ yoonmin] [COMPLETED]✅Where stories live. Discover now