6th Day..

205 56 49
                                    

_7 Days_

__________________________________

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය..,
ලබා ගැනීමක්ම විය යුතුද..?

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

__________________________________

පුරුදු විදියට ටැක්සි එකකින් ඇවිත් පාර්ක් එක ලගින් බැහැපු ටේ කැප් එක අතින් හද හද ඉස්සරහට ඇවිදන් ගියේ වෙනදට වඩා වට පිට හෝදිසියෙන් බලන ගමන්..

"ඇයි දන්නෑ හ්‍යුන් ඒ වගේ කතාවක් කිව්වේ..? ම්ම්ම්... """සමහර වෙලාවට අපි කරන දේවල්වලින් අපි බලාපොරොත්තු නොවෙන දේවල් වෙන්න පුලුවන්..""" ඔව් එහෙම තමයි හ්‍යුන්ග් කිව්වේ. ඒත් ඒක කිව්වෙ කාටද..? ඒක මට කිව්වා කියලා ඇයි මට හිතෙන්නෙ..?"

ටේහ්‍යුන්ග් මේ දිගටම කල්පනා කර කර ආවෙ දවාලෙ ඩෝම් එකේදි නම්ජුන් හ්‍යුන්ග් කියපු කතාවක් ගැන. ටේ ඒ කතාව අතුලෙ හිරවෙලා ඉන්නේ ඒක තමන්ටම කියපු එකක් කියලා හිතලයි. කල්පනා ලෝකෙම ඉදගෙන ඉස්සරහට ඇවිදගෙන ආපු ටේ ඒ පාරෙ පේන තරම් එහා කෙළවර දිහා බැලුවෙ එයා බලාපොරොත්තුවෙන් ආපු කෙනා එනවද කියලා දැනගන්න.

"ඕහ්.. එයා., එයත් එනවා.."

ටේගෙ කටින් ඒ වචන ටික ඉබේම පිට වුණේ එයාට දැනුන අමුතුම සතුටත් එක්කමයි. එවෙලෙම ටේවත් දැකපු කෙල්ල ඈත තියාම අත වැනුවෙ හිනාවෙන ගමන්.

"වාහ්.. එයා මටද අර අත වනන්නේ.. හරි පුදුමයි.. එයා අද හැම දවසටම වඩා වෙනස්.."

ඈත තියාම ටේහ්‍යුන්ග්ව දැකපු කෙල්ල අද අනික් හැම දවසටම වඩා වෙනස් විදියට ප්‍රතිචාර දැක්කුවෙ ටේව පුදුම කරවන ගමන්. ටේත් අත උස්සලා කෙල්ලට පේන්න එහා මෙහා කළේ හිනාවෙන ගමන් වුණත් ඈත හිටපු කෙල්ලට ටේ හිනා වෙන වගක් පෙනුනෙ නෑ. මොකද එයාල හිටියෙ ටේගෙ හිනාවෙන ඇස් නොපෙනන තරම් දුරින්.

දෙන්නට දෙන්නා තරමක් ඈතින් හිටියත් දෙපැත්තෙන්ම තියෙවෙන අඩිය ගානෙ ටිකෙන් ටික එයාලා එකිනෙකාට ලං වුණා. වෙනද චෙරි බ්ලූසම් ගහ යට මුණ ගැහුනු මේ එකිනෙකාට පුරුදු රුව දෙක අද ඒ චෙරි බ්ලූසම් ගහ ඉස්සරා පාර මැදදි මුණ ගැහුනා.

7 Days 🍂 || KTH || Short FF [Completed] ✔️Donde viven las historias. Descúbrelo ahora