What's a soulmate??

279 46 8
                                    


(Take a look at the lyrics and then read the story.You must watch this video. If you didn't you can't feel this story)

.

.

.

.

.

.

.

.

.

"This year's Best Shareholder award goes to.................Mr. Park Jimin........ Congratulation Mr. Park....."

වේදිකාව උඩ හිටපු කලාකරුවන් දෙන්නා මගේ නම කියෝන කොට මුළු ස්ටේඩියම් එකේම ලයිට්ස් මගේ පැත්තට හැරුනේ මගේ ඇස් තප්පර ගානකට බොද කරලා.

ලයිට්ස් එලි මගේ ඇස් වලට හුරු වෙනවාත් එක්කම මන් පුටුවෙන් නැගිටලා ආඩම්බරකාර හිනාවක් එක්ක ස්ටේජ් එකට ගියේ විශාල පිරිසකගේ අත්පොලසන් මැද්දේ.

ආඩම්බරකාර හිනාවක්?

ඔව් එහෙම හිනාවක් තමා. මේ මගේ හීනේ. මගේ අරමුණ. මගේ කැපකිරීම් ගොඩක් අවසන් ප්‍රතිපලය. ඉතින් මන් ආඩම්බර වෙන්න ඕනේ තමා.

ස්ටේජ් එකට ගිහින් කලාකරුවන් දෙන්නාටත් ආචාර කරලා මට අයිති අවොර්ඩ් එක අරන් මන් මයික් එක ගාවට ආවේ මට කියන්න දෙයක් තිබ්බ නිසා. ඒ නැතත් මට අනිවාරෙන් කතා කරන්න වෙනවා කියලා මන් දන්නවා.

"First I would like to thanks all of you for this award. This is my dream. Now my dream is in my hand...."

මන් මගේ අවොර්ඩ් එකත් උස්සලා පෙන්නන ගමන් කිවුවේ මගේ ඇහෙන් වැටෙන කදුළු අතින් පිහිදාන ගමන්.

"මට තියෙනවා පොඩි කතාවක් කියන්න. මුළු ලෝකයක් කතා කරන Best Shareholder පාර්ක් ජිමින්ගේ සැගවුන ශක්තිය එහෙම නැත්තම් මගේ මොටිවේෂන් ටැබ්ලට් එක ගැන අද මන් හැමෝටම කියනවා...

පාර්ක් ජිමින් කියන මනුස්සයා මේ විදිහට හැදෙන්න කලින් ජිමින් කියන නාහෙට අහන්නේ නැති කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාව පවුලේ අය, නෑදෑයෝ, යාළුවෝ, කොටින්ම එයාගෙම සහෝදර සහෝදරියෝ පවා එක්සෑම්, කැම්පස් කියන දේවල් වලට තල්ලු කරා.

මේ හිතුවක්කාර කොල්ලා ඒ හැමදේකින්ම තැලිලා, පොඩි වෙලා, හෙම්බත් වෙලා ඉන්න කොට පිටසක්වලින් වගේ එලියන් කෙනෙක් ආවා. ජිමින්ගේ එලියන්, සහෝදරයා, යාලුවා, පවුල........

Motivation Tablet || VMIN || Complete ||Where stories live. Discover now