🥀 දෙවන කොටස 🥀

97 32 13
                                    

වෝට් කමෙන්ට් කරපු ,  රීඩින්ං ලිස්ට් ඇඩ්කරගත්තු , ෂෙයාර් කරපු , ඒ මුකුත්ම නොකළත් කියවපු හැමෝටම බොහොම ස්තූතියි ♥️🤗

200 followers !!!

මොක්කද මං ඒ කරපු මෝඩ වැඩේ ?

මොනවද ඒ මං එයාට කිව්වෙ ?

මං ...මං එයාට ' මඩ ලේ ' කියලා කිව්වා නේද ?

ඇයි ?...ඇයි මං එයාට එහෙම කිව්වෙ ?

මේ සේරම වුණේ අර පණ්ඩිතකම ඇඟ පුරාම තියෙන මෝඩ පොට්ට පොටරුයි එයාගේ ගොන් යාළුවෝ ටික නිසා තමයි . උන් ටික මට අරහෙම මුළු ඉස්කෝලෙම ඉස්සරහ කරදර කළේ නැත්නම් මේ මොකුත් වෙන්නේ නෑනේ . අර ලුපින් කියන එකාට ශිෂ්‍යනායක කම දුන්නටත් පාඩුයි . ඌත් අර බ්ලැක් කියන එකාට පණ බයයිනේ . මූ හින්දා වර්වුල්ෆ්ලටත් වස ලැජ්ජාව මං හිතන්නෙ . එහෙම හිත හිතම මං හිටියේ ස්ලයිතරිං නිවාසේ පොදු කාමරේ බිම ඉඳගෙන . අද අපේ විභාග ඉවර වුණ නිසා කට්ටිය සාදයක් දානවා .

" ඒ සෙවෙරස් , ඕවා ගැන වැඩිය හිතන්නෙ එපා බන් . හෙට අනිද්දම ඕකුන්ට හොඳ සත්තමක් දීපන් " පොදු කාමරේ එහාකොනේ  ඉඳන් මල්සිබර් කෑගැහුවේ බෝතලයෙකුත් අතේ තියාගෙන .

" ඔව් ඔව් උඹ කොහොමත් මොළේ තියෙන එකානේ . ගිහිල්ලා හොඳ පාඩමක් උගන්නලා වරෙන් " රොසියර් නම් දැනටමත් වැනෙනවා .

ආයිෂ් දැන් මං මොකද කරන්නේ ? මං සමාව ඉල්ලුවත් ලිලී මට සමාව දෙයිද ? එයා ... එයා තරහින් නම් ඉන්නෙ , මං මොකද කරන්නේ ? මං එහෙම්ම මගේ කොණ්ඩෙනුත් ඇදගත්තෙ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව .

එයා සමාව නොදුන්නොත් ?

එයා මට ශාප කරයිද දන්නෙ නෑ . හොග්වෝර්ට්ස් වලට එන්න කලින් ඉඳන්ම දක්ෂ මායාකාරියක් වෙච්ච ලිලී දැන් ගොඩක් හොඳට ඉගෙනගෙන තියෙන්නේ . එයා තමා වසරේ හොඳම ශිෂ්‍යයාව . කමක් නෑ මොකක් හරි ශාපයක් කරලා වුණත් මට සමාව දීලා ආයේ මගේ යාලුවෙක් වෙනවනම් .ශාපයක් කළත් ඉතින් මටම ඒ ශාපය කඩලා දාන්න පුළුවන් නේ . අවුලක් නෑ සමහර විට හෙට උදේට ගිහින් සමාව ඉල්ලුවනම් ...
.

බැහැ ....තවත් පරක්කු වෙන්න බැහැ ... දැන්ම ගිහින් සමාව ඉල්ලනවා .

★彡 αℓωαуѕ 彡★ | ˢⁿⁱˡʸWhere stories live. Discover now